දේශපාලනඥයින්ට පාඩමක් – ප්‍රාදේශීය සභා සභාපති වසර 13 ක් ආණ්ඩුවේ හෝටලෙන් බුරියානි

Ranil-Madhawaකොරියාවේ රැකියා ලබා දෙන බව පවසමින් ගොවියකුගෙන් රුපියල් හැත්තෑපන්දහසක (රු. 75,000) අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු අනුරාධපුර, රඹෑව ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රනිල් මාධව මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් පෙරේදා (03) බරපතල වැඩ සහිත වසර 13 ක සිර දඬුවමක් නියම කළේය.

කොරියාවේ රැකියාවකට යොමු කිරීම සඳහා අල්ලස් වශයෙන් අදාළ මුදල ඉල්ලා ඇති අතර එම ගොවියා සිය කිරි හරක් විකූණා මුදල් සොයා ගෙන ඇත.

මහජන සේවය සඳහා බව පවසමින් දේශපාලනයට පිවිස මෙවැනි වංචාකාරි කටයුතුවල යෙදෙන සෙසු දේශපාලනඥයින්ටද පාඩමක් වන අන්දමින් මෙම විත්තිකරුට දඩුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය ඉල්ලීමක් කර තිබිණී.

එම ඉල්ලීම පිළිගනිමින් විත්තිකරුට මෙලෙස දඩුවම් නියම කළ විනිසුරුවරයා මෙම සිරදඬුවම වසර 05ක කාලයක් තුළ ගෙවී යන ලෙස ක‍්‍රියාත්මක කිරීමටද නියම කර ඇත. ඊට අමතරව රුපියල් 40,000ක දඩයක් ගෙවීමටද නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වුයේ රඹෑව ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රනිල්  මාධව කමල්නිළමේ නමැත්තාටය. අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබිණි. ඉදිරිපත් වු සියලු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අල්ලස් ඉල්ලීමේ චෝදනාවට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබු චෝදනා දෙකට වසර 04 බැගින් වසර 08ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද නියම කර ඇත.

රනිල් මාධව මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මහින්ද පිල නියෝජනය කරමින් කටයුතු කළ අයෙකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.