දේශපාලන කුණාටුවෙන් යහපාලන නැව පෙරලේවිද?

ranil-mithripalaජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හිටපු නාවික හමුදාපතිවරුන් FCID යට කැඳවීම සම්බන්ධයෙන් තම අප‍්‍රසාදය පල කිරීමෙන් අනතුරුව ඇතිවී තිබෙන දේශපාලන කුණාටුවෙන් යහපලාන නැව පැහැදිලිවම කැලඹී ඇති අතර දැන් ප‍්‍රශ්නය වන්නේ නැව පෙරලේවිද යන්නයි. මේ වන විට මතුවී තිබෙන ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවණතා 5ක් නම්

1. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා කියා සිටින්නේ මේ අවස්ථාවේදී ආවේගශීලී ප‍්‍රකාශ නොකර උපායශීලී ලෙස තත්ත්වය සමනය කර ගත යුතු බවයි. මේ සඳහා මහින්ද රාජපක්ෂ හා කාලාන්තරයක් තිස්සේ පැවැත්වූ සංවාදය ප‍්‍රයෝජනවත් විය හැකි බව විචාරකයින් පෙන්වා දිය හැකිය. මේ අනුව මහින්ද රාජපක්ෂ සමග එකඟතාවයක් ඇති කොට ගෙන මෛතී‍්‍රපාල සිරිසේන දේශපාලනික වශයෙන් හුදකලා කිරීම සිදුවිය හැකිය. මෙය දෝෂාභියෝගයක් දක්වා යාහැකි තත්ත්වයක්ද පවතී.

         2. ජනාධිපතිවරයාගේ මේ හදිසි ප‍්‍රකාශයට පදනම් වී ඇත්තේ ඔහුගේ පුතු දහම් සිරිසේන සම්බන්ධයෙන් ක්ලික් සමාජ ශාලාවේ සිදුවූ බව කියවෙන සිදුවීම කළමණාකරනය කිරීමට රනිල් පාර්ශවය නිසි ලෙස කි‍්‍රයා නොකිරීම ඇති වූ කෝපය බව ඇතමුන් කියති. තත්ත්වය මෙසේ නම් දහම් සිරිසේන එම ස්ථානයේ ප‍්‍රහාරයට පෙර සිටි බව කියන නව වීඩියෝ සාක්ෂි මතුවී ඇතිබව හෙලිදරව් වීමත් සමගම මේ තත්ත්වය යටපත් වනවාට වඩා තවත් ඉස්මතු විය හැකිය.

       3. ජනාධිපතිවරයාගේ මේ ප‍්‍රකාශය නිසා ඔහු හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සෙසු පාර්ශව අතර එකඟත්වයක් ඇතිවී ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයට ප‍්‍රභල අභියෝගයක් එල්ල කිරීමේ ඉඩකඩක් එල්ල වී පවතී.

       4. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සහ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගමට අධික ලාභ ලැබීමේ සිද්ධිය රනිල් වික‍්‍රමසිංහට අවාසිදායක ලෙස ඉස්මතු විය හැකිය. නොබෙදුනු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයකට එහි ප‍්‍රයෝජනය ගත හැකිය. ජනාධිපතිවරයා අමාත්‍යාංශ පවරා ගැනීම හරහා එක්සත් ජාතික පක්ෂය දුර්වල කිරීමට කටයුතු කිරීමට කටයුතු කිරීමට ඉඩ ඇත.

         5. අයවැයෙන් අනතුරුව මන්තී‍්‍රවරුන්ගේ පැතිමාරු සිදුවී ආණ්ඩුවේ බල තුලනය වෙනස් වීමට ඉඩ ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.