දේශපාලන පංසලේ ඡන්ද පොළ නැහැ

Jungle-Temple--2මැතිවරණයට ඉදිරිපත්වන භික්ෂුන් වහන්සේලා වැඩ සිටින විහාරස්ථාන වල පැවති ඡන්ද මධ්‍යස්ථාන සඳහා විකල්ප ස්ථාන සොයාගැනීමට සිදුව තිබීම මීට හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා ගැටළුවකට මුහුණ පා ඇති බව පවසයි. ඔහු සදහන් කර සිටින්නේ මේ නිසා ඡන්ද පොළ 100ත් 150ත් අතර සංඛ්‍යාවක් සඳහා වෙනත් ස්ථාන සොයාගැනීමට සිදුව ඇති බවයි.

මෙවර මහමැතිවරණය සදහා යොදා ගැණෙන ඡන්ද පොළ සංඛ්‍යාව තවමත් නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බවත් ඡන්ද පොළ සදහා ස්ථාන තෝරා ගැනීමේදී මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ හේතුවෙන් කිසියම් ගැටලූකාරී තත්ත්වයකට මුහුණදී සිටින බවත් කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී කොමසාරිස්වරයා වැඩිදුරටත් කරුණු සදහන් කර සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.