දේශපාලන පත්වීම් ලැබුවන් දේශපාලන වැඩ කිරීම අසාධාරණ නැහැ-එස් බී දිසානායක

 

sbdissa

 

‘කෘෂි නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, දිවි නැගුම නිලධාරීන් අපේ තමයි. ඒ අය අපිට තමයි වැඩ කරන්නේ. ඒ අයට තියෙන අයිතිය තමයි අපි පාවිච්චි කරන්නේ.” යැයි රාජ්‍යනිලධාරීන් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් බලහත්කාරයෙන් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ආණ්ඩුව යොදා ගැනීම පිළිබඳව උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතාගෙන් සති අන්ත පුවත්පතක් විමසූ අවස්ථාවේදී මෙසේ ප්‍රකාශ කර තිබේ.

එහිදී ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දැක්වමින්, ” අපි දේශපාලන පත්වීම් දුන්නේ. උන් අපේ තමයි. ඒ අය දේශපාලන අයිතිය තියෙන අය. ඒ අය අපිට වැඩකරනවා. එහෙම මැතිවරණ නීති උල්ලංඝණය කරන්නේ නැහැ. ලිපිකාරයෙක්, ගුරුවරයෙක්, කෘෂි නිලධාරියෙක්, ආර්ථික සංවර්ධන නිලධාරියෙක්, ග්‍රාම සංවර්ධන නිලධාරියෙක්ට දේශපාලනය කිරීමට තහනමක් නැහැ.” යනුවෙන් පවසා ඇත.

මහින්ද පිලේ මැතිවරණ යාන්ත්‍රණය මේ වනවිට බිඳවැටී ඇති අතර ආණ්ඩුවේ බහුතරයක් ඇමතිවරුන්,මන්ත්‍රීවරුන් මැතිවරණය මඟහරිමින් සිටින බව අප වෙබ අඩවියෙන් ඊයේ (19) දිනයේදී හෙළි කළෙමු. එවන් තත්වයක් තුළ ආණ්ඩුව දේශපාලන බලය යොදා ගනිමින් බලහත්කාරී ලෙස රාජ්‍ය සේවකයින් මැතිවරණය කටයුතු වෙනුවෙන් යොදා ගන්නා අතර එය සාධාරණය කිරීමට එස්. බී. දිසානායක වැනි ඇමතිවරයකු ඉදිරිපත් වීම හාස්‍යයක් බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.