දේශපාලන බලපෑමෙන් සමාජශාලා වැටලීම් අඩාලයි

colombo night clubකොළඹ රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව පවත්වාගෙන යන එක්ස්ටසි මත්ද්‍රව්‍යය ජාවාරම මැඩලීම සඳහා පොලිසිය විසින් දියත් කිරීමට සැලසුම් කල වැටලීමක් කල්දැමීමට සිදුව ඇත. මෙම රාත්‍රී සමාජ ශාලා වලට වැඩි වශයෙන්ම යන්නේ මැති ඇමතිවරු ඇතුළු ප්‍රභූන්ගේ දූ පුතුන්ය. වැටලීමකින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත හොත් ඉහල තැන්වල සිටින අයගේ දූ පුතුන් අත්අඩංගුවට පත්වී දේශපාලනක්නයන් අසීරුතාවයකට පත්විමට ඉඩ ඇති හෙයින් වැටලීම තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බවයි ආරංචි වන්නේ.

Ecstasyරාත්‍රී 6.30ට පමණ වීවෘතවන මෙම සමාජ ශාලා පසුදා උදේ 7.00 වන තෙක් ක්‍රියාත්මක වේ. නම හෙළි නොකිරීමේ පදනමෙන් lanka new sline වෙත කතා කල පොලිස් නිලධාරියෙක් කියා සිටියේ එක්ස්ටසි වලට අමතරව කේරල ගංජා, කොකේන් සහ ටැබා යන මත්ද්‍රව්‍යය භාවිත වෙන බවයි. සමාජ ශාලා ඉදිරිපිට සිටින බවුන්සර් වරුන් සහ ඇතුලත සේවය කරන යුවතියන්ගෙන් රැස්කරගත් තොරතුරු අනුව මත්ද්‍රව්‍යය බෙදා හරින්නන් පැහැදිලිව හඳුනා ගත හැකිවී ඇතත් ඇතිවිය හැකි දේශපාලන බලපෑම හේතුවෙන් වැටලීම් අත්හිටුවා ඇති හෙයින් ඉදිරියේදී ජාවාරම තවත් ව්‍යාප්තවීමට ඉඩ ඇත.

එක්ස්ටසි පෙත්තක මිල රු. 14000ක පමණ වන තර එක රාත්‍රියකට එක සමාජ ශාලාවකින් පමණක්රු පියල් මිලියනයක පමණ මත්ද්‍රව්‍යය වෙළදාමක් සිදුවන බවට බවුන්සර් වරුන් කියා සිටී.

මෑත කාලයේදී ප්‍රභූ දේශපාලන පුතුන් සමාජ ශාලා වල ගැටුම් වලට මැදිහත් වූ විට අවස්ථාවන් ගණනාවකදීම බලපෑම් හේතුවෙන් පොලිසිය විමර්ශන කටයුතු අතරමග නතර කොට ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.