දේශපාලන හොරු ගුවන් තොටුපළට එමින් සිටිති -රන්ජන් රාමනායක

ranjan_CI

 

අශ්වයින් පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් වැඩක් නැති බව කියන මන්ත්‍රී රන්ජන්රාමනායක ඉක්මන් පියවර ගැනීම  අල්ලස් හා දූෂණ කොමිසමේ වගකීම බව පෙන්වා දෙයි.

දූෂණ චෝදනා සහිත පුද්ගලයෙකු රටින් පිට වී යාමට අද රාත්‍රියේ ගුවන් තොටුපළ කරා පැමිණීමට නියමිත බව ලැබුණ තොරතුරු  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබාදුන් බව මන්ත්‍රීවරයා මාධ්‍යයට පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට මේ පිළිබඳව දැන්වු අතර මේ පිළිබඳව පැමිණිල්ලක් නැති හෙයින් පියවර ගත නොහැකි බව ඔහු කියා සිටියේය.

දැන් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට පැමීණිලි නැති බව කිව නොහැකි බවත් ආණ්ඩුව හොරු හුරතල් කරන්නේ නම් තමන්ට එවැනි ආණ්ඩුවක පාර්ශව කරුවෙක් විය නොහැකි බව  රන්ජන් රාමනායක කියා සිටියේය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ශීලාචාර දේශපාලනයක යෙදෙන හෙයින් වයිරකාරී දේශපාලනයක නිරත වෙනවා යන චෝදනාව එල්ල නොකර ගෙන කටයුතු කරන  බව තමන් පිළිගන්නා නමුත් ජාත්‍යන්තර පොලීසියේ සහයෝගය ඇතුව මේ රට පනින හොරුන් සම්බන්ධයෙන් කටයුතු කරන බව කියන කතා තමන් විස්වාස  නොකරන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

දූෂණ චෝදනාවන්ට ලක් වී ඇති සියලු දෙනාට රටින් පිට වීම තහනම් කිරීම සඳහා ක්‍ෂණික පියවර ගෙන චෝදනා විභාග කිරීම ඉක්මන් කරන ලෙස   රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඉල්ලා සිටී.

යි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.