දොස්තරලා තවමත් කොක්කෙන්

doctors-1පෙරේදා (25) දින රජයේ ප්‍රවෘත්ති නිවේදනයක් ලෙස ජනාධිපති ලේකම්ගේ අත්සනින් නිකුත් කල ප්‍රකාශය අනුව එය සයිටම් ආයතනය නීතිගත කර පවත්වාගෙන යාමේ උත්සාහයක් බවත් එම විසදුම් සම්පූර්ණයෙන්ම ප්‍රතිකේෂ්ප කරන බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියහ.

මේ සමඟම ආණ්ඩුව දැඩි පියවරක් කරා මාරු විය යුතු බවට මතයක් වර්ධනය වෙමින් පවතී.

සයිටම් වෛද්‍ය උපාධ් විකුණන ආයතනය අහෝසි කිරීමෙන් තොර විසදුමක් නොමැති බවත් 2011 අගෝ මස 30 හා 2013 සැප්තැම්බර් මස 26 නිකුත් කරන ලද සයිටම් ආයතනයට උපාධ්‍ ප්‍රධානය කරන බලය ලබා දුන් ගැසට් පත්‍රය වහා අහෝසි කළ යුතු බවත් සයිටම් ආයතනය පිලිබදව 2015 සැප්තැම්බර් 04 දින ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කළ යෝජනාව ඇමතිවරයා පිළිගෙන සයිටම් ආයතනය අහෝසිකල යුතු බවත් එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමස්ත ලංකා වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්‍ත බණ්ඩාරෙ මහතා අවධාරනය කර සිටයේ ය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඇතුළත් ජනාධිපති ලේකම් නිකුත් කළ නිවේදන පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර හදිසි සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේදී කාර්යාලයේ පැවැත්වෙන බව වාර්තා වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.