දොස්තරවරුනි කාලෝ කියවන්න

kalo-fonsekaදොස්තර රැහේ මහා හුරා සේ සැලකෙන මහාචාර්ය කාලෝ ෆොන්සේකා තම දුදන රැළ පිළිබඳව ඉස්තරම් ප්‍රකාශයක් කළේය.

“මම මේ රටේ වාමාංශික දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්. වාමාංශිකයෙක් ලෙස මේ රටේ වැඩකරන පන්තියේ වුවමනාවන් හා අත්පත් කරගත යුතු ජයග්‍රහණයන් පිළිබඳව මා තුළ දැඩි හැඟීමක් තිබෙනවා.

ඒ අනුව වැඩවර්ජනය කිරීමේ අයිතිය වෙනුවෙන් මා නිතැනින්ම පෙනී සිටිනවා. මේ රටේ අව වරප්‍රසාදිත කම්කරු ජනතාව තමන්ට හිමිවිය යුතු වරප්‍රසාද හා අයිතීන් දිනාගැනීම සඳහා වැඩවර්ජනය අවියක් ලෙස යොදාගෙන ද තිබෙනවා. හෙන්රි ජයසේන නාට්‍යවේදියාගේ එක් සුප්‍රකට නාට්‍යයක් වූ පරිදි ඒවා මනරංජන වැඩවර්ජන ය. ඒ අනුව වරප්‍රසාදයන් අහිමිකර ඇති කම්කරු ජනතාව තම අයිතීන් වෙනුවෙන් වැඩවර්ජනය කරද්දි එය මට මනරංජනිය යි. ඒවා මනරංජන වැඩවර්ජන ලෙස මම හඳුන්වමි”.

“එහෙත් ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද වෛද්‍යවරු යනු වරප්‍රසාදිත පිරිසකි. අධ්‍යාපනයෙන් ද වෘත්තීය ගුණාත්මකභාවයෙන් ද වැටුප් හා අනෙකුත් පහසුකම් සැලකීමේදී ද වෛද්‍යවරුන් යනු වරප්‍රසාද බහුල පිරිසකි. ඒ නිසා වරප්‍රසාද අහිමි ලෝක කම්කරු ප්‍රජාවට ඇති වැඩවර්ජනය කිරීමේ අයිතිය වෛද්‍යවරයාට ද ඇතැයි මම විශ්වාස නොකරමි. ඒ නිසා වෛද්‍යවරුන් කරන වැඩවර්ජන මට මනරංජන වැඩවර්ජන නොවේ. මා ඒවා හඳුන්වන්නේ අතිදුර්ජන වැඩවර්ජන ලෙසටය”.

මේ දුර්ජනයින්ට උල්පන්දම් දී දැන් හොස්ස බිම ඇනුනු තැනදී බොරු ෂෝ එකක් දමා නික්ම යන ම්හ් හුරට දිවියේ ඉතිරි දවස් නිදුක් නිරෝගිව ගෙවීමට වරම් ලැබේවායි පතමු.

මන්දයත් මේ දුදනන් හා එක්ව ගෙන ගිය සයිටම් නාඩගම ගර්හිත අයිටම් එකක් වුවත් සමස්තයක් ලෙස එතුමන් ගේ ජීවිතය උදාර මනුෂ්‍යත්වය පිලිබඳ සටහනකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.