දොළොස් ලක්ෂයක් දැඩි ලෙස දුප්පත්

poor peopleපසුගිය වසරේ අවසානය වනවිට මෙරට සමස්ත ජනගහනයෙන් ‍දොළොස් ලක්ෂයක් හෙවත් 6.7%ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනාවරණය කරයි.

අන්තර්ජාතික දරිද්‍රතා මට්ටම ලෙස පිළිගනු ලබන්නේ දිනකට එක් අයකුට හිමි වත්කම ඇමෙරිකන් ඩොලර් 1.9ක් හෝ ඊට අඩු වීම බවත් ශ්‍රී ලංකාවේ 2002 වසරේදී පැවැති දරිද්‍රතා මට්ටම 22.7%ක් වූ අතර 2012 වන විට එය 6.7% දක්වා අවම වූ බවත් පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

ගෘහස්ථ ඒකාබද්ධ ආර්ථික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව නිර්ණය කරනු ලබන්නේ ඔහු හෝ ඇයගේ ඒකපුද්ගල පරිභෝජන වියදම මසකට රුපියල් තුන් දහස් හයසිය විසි හතරකට (රු. 3,624) වඩා පහළ මට්ටමක තිබීමයි.

ශ්‍රී ලංකාවේ අධික දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් වාර්තා වන්නේ මොනරාගල, මඩකළපුව, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලනි.

2006-2010 කාල වකවානුවේදී මෙරට ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් අත්මිදුණද සැලකිය යුතු ප්‍රමාණයක් අදටත් අවධානයට ලක්වූ කාණ්ඩයට අයත් වන බව එම කේන්ද්‍රය පවසයි.

පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස් පමණක් නොව දරිද්‍රතා කඩඉමේ සිටින ජනතාවද නැවත දරිද්‍රතාවට ඇද වැටීම වැළැක්වීම උදෙසා ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!