නඩු ඉක්මන් ක්‍රමවේද හෙවීම මාරපනට

thilak-marapanaපසුගිය කැබිනට් රැස්වීමේදී නඩු ප්‍රමාදය ගැන බරපතළ සංවාදයක් ඇති වීය. ඇයි අපට බැරි මේ නඩු ටික විශේෂ කාරණා විදියට අරන් අහලා ඉවරයක්‌ කරන්න. රාජිත ප්‍රශ්න කළේය.

එහෙම බලපෑම් කරල මේ නඩුව ගන්න මේක කල්දාන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්න අපට බෑ….විඡේදාස රාජපක්‌ෂ පෙන්වා දුන්නේය.

අපි රාජපක්‌ෂවරුන්ගේ හොරකම්, දූෂණ, ඝාතන ගැන මැතිවරණ වේදිකාවල උගුර ලේ රහ වෙනතුරු කතා කළා. හොරු අල්ලලා දඬුවම් දෙන්නට කිව්වා. දැන් කතා කර කර ඉඳල බෑ. දඬුවම් දෙන වැඩපිළිවෙළක්‌ රටට ඕන. ජනතාව අපි දිහා බලා ඉන්නවා පොරොන්දු ඉටුකරන්න ඕන…සරත් ෆොන්සේකා කීවේය.

අපි නම් ඔය කරන්නබැරි දේවල් ගැන මැතිවරණ වේදිකාවල කෑගහල නෑ… විජයදාස රාජපක්‌ෂ කීවේය.

විශේෂ අධිකරණයක්‌ පත් කරලා මේ ප්‍රමාද වෙලා තියන නඩු ටික අහලා ඉවර කරන්න බැරි ඇයි ඇමැතිවරු ප්‍රශ්න කළහ.

විශේෂ අධිකරණ පිහිටුවන්න මේ තිබෙන ව්‍යවස්‌ථාව අනුව බෑ. මෙහෙම ඉඩකඩ තිබුණා 1972 තිබුණ සෝල්බරි ව්‍යවස්‌ථාවට අනුව. නමුත් ඒ ප්‍රතිපාදනය 77 ව්‍යවස්‌ථාවෙන් ඉවත් කළා. 78 ව්‍යවස්‌ථාව තුළත් එහෙම විශේෂ අධිකරණ පිහිටුවන්න බෑ.

එහෙම නම් යාපනයේ විද්‍යා දැරියගේ නඩුව අහන්න වෙනම අධිකරණ පිහිටෙව්වේ කොහොමද….

ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන තියනවා ළමා කටයුතු, කාන්තා කටයුතු හා ආබාධිත අය වෙනුවෙන් තිබෙන නඩු අහන්න වෙනම අධිකරණයක්‌ පිහිටුවන්න. ඒ අනුව තමයි විද්‍යා සිසුවියගේ නඩුව වෙනම උසාවියක ඇහුවේ.

ඊළඟට නව ව්‍යවස්‌ථාවක්‌ ගේනවා මහාධිකරණයක්‌ පිහිටුවන්න. ඒ වගේම රටට ආන්දොලනාත්මකව බලපාන විශේෂ කටයුතු වෙනුවෙන් විශේෂ අධිකරණ පිහිටුවන්න පුළුවන්. හැබැයි ඒකට බාධක කිහිපයක්‌ තියනවා. ඒ සඳහා පිහිටුවන විශේෂ අධිකරණයට පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත ඕන. ශේ්‍රෂ්ඨාධිකරණයේ අනුමැතිය ඕන. ඒ වගේම ජනමත විචාරණයකුත් ඕන…

මේ ගැන ඇමැතිවරු සෑහීමකට පත් වුණේ නැත. විශේෂ අධිකරණයක්‌ පිහිටුවන්න බැරි මොකද… ඔවුන් ප්‍රශ්න කළහ.

තිලක්‌ මාරපන මහත්තයා හිටපු නීතිපති කෙනෙක්‌ එතුමා මොකද කියන්නේ…
ජනාධිපති ඇසීය.

විශේෂ අධිකරණයක්‌ තියන්න ඉතින් ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්න වෙනවා…ඒකට අර අධිකරණ ඇමැතිවරයා කියපු ප්‍රතිපාදන අවශ්‍යයි. 2/3 ක සම්මතය ඕන.

විශේෂ අධිකරණයක්‌ බැරිනම් ඉහළ උසාවියක දිනපතාම අහලා මේ නඩු ඉවර කරන්න පුළුවන්නේ. ඇමැතිවරු නොඉවසිල්ලෙන් යළිත් යෝජනා කරමින් තිලක්‌ මාරපන දෙස බැලූහ.

එහෙම නම් ඉතින් ඒකට නීතිපතිවරයාත් අගවිනිසුරුවරයාත් එකතු වෙලා කතා කරල තීරණයක්‌ ගන්න වෙයි…එහෙම පුළුවන් ද බලමු… තිලක්‌ මාරපන කීවේය.

හරි…අපි ඒ ගැන වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්න තිලක්‌ මාරපන මහත්තයාට බාරදෙමු… මලික්‌ සමරවික්‍රම කීවේය.

මේ නඩු ගොන්න අතරේ තියන සමහර නඩු අනවශ්‍ය නඩු. ෆවුසිගේ, පියංකර ජයරත්නගේ නඩු වැඩකට නැති ඒවා. බැසිල්ගේ සිල් රෙදි නඩුව, කැලැන්ඩර් නඩුව වැඩක්‌ නෑ. නිකන් කල්ගත වෙන නඩු විතරයි. තියෙන නඩු වලින් වැදගත් නඩු ටික විතරක්‌ තෝරගෙන අහන්න බලමු… තිලක්‌ මාරපන යෝජනා කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.