නන්දන ගුණතිලක සහ අචල ජාගොඩට අලි සංවිධායකකම්.

achala nandana

පානදුර නගරාධිපති ලෙස කටයුතු කළ නන්දන ගුණතිලක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ යන මහත්වරුන්  එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු ලෙස නම් කර ඇත.

නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ සිට ජාතික නිදහස් පෙරමුණටත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්ව කටයුතු කළේය.

ඒ අනුව නන්දන ගුණතිලක මහතා පානදුර ආසන සංවිධායක ලෙස කටයුතු කරනු ඇති.

අචල ජාගොඩ මහතා ද ජනතා විමුක්ති පෙරමුණේ හිඳ පසුව ජාතික නිදහස් පෙරමුණට එක් වූ මන්ත්‍රීවරයෙකි. පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වූ හෙතෙම නව පත්වීම යටතේ බලන්ගොඩ ආසන සංවිධායක ලෙස නම් කර ඇත.

 

එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් තවත් ප්‍රබල දේශපාලනඥයින් පිරිසකට එජාපයේ තනතුරු හමු වීමට නියමිතව ඇති බවය. මේ අතර නන්දන ගුණතිලක මහතාගේ සමීපතමයෙකු සඳහන් කළේ එතුමා මෙම ධූරය සම්බන්ධයෙන් කලක සිට කැමැත්තේන් පසු වූ බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.