නන්දා මාලිනී – ආචාර්ය

nanda-malaniශ්‍රී ලංකාවේ යශෝරාවය‘ ලෙස අභාවප්‍රාප්ත මාධ්‍යවේදී ගාමිණී විජේතුංගයන් විසින් ප්‍රථම වරට නම් කළ සම්මානනීය ගායිකා විශාරද නන්දා මාලිනී අද දර්ශන ශූරී ආචාර්ය උපාධියකින් (Doctor of Philosophy -Fine Arts) සම්මානයට පාත්‍ර විය. මෙම සම්මාන උපාධිය ඇයට පිරිනැමුවේ කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය විසිනි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති එම විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ දී එහි කුලපති සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා විසින් මෙම සම්මාන උපාධිය ඇය වෙත පිරිනැමීය.

1943 උපත ලත් මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා හෙවත් නන්දා මාලිනී මේ වන විට 74 වැනි වියේ පසුවන්නීය. වයස අවුරුදු 12 සිට ගායනාවට යොමු වූ ඇය මේ වන විට ලංකාවේ වැඩිම සම්මානයන්ට පාත්‍ර වූ ගායිකාව ලෙස කිරුළු දරා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.