නන්දිමිත්‍රට හුවෙන් අචාර-ජනක මහින්ද පාමුල

IMG_20150726_190510374 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ නාවුල සන්ධාන රැලියට එකතුවූ ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාට එහි සිටි පිිරිස නොනවත්වා හූ හඬ නැගූ බව කියති.

මහින්ද රාජපක්ෂ මහතා දෑත් ඔසවා හූ හඬ නවත්වන ලෙස ඉල්ලා සිටියද පිරිස එයට අවනත නොවූයේ නැත.

එහි පැමිණ සිටින පිරිස තවමත් හූ හඬින් ඇමැතිවරයාට සංග්‍රහ කරන බව කියති.

හූ හඬ මධ්‍යයේම රැස්වීම ඇමතූ නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හූ කිවූ බවයි.

‘හූ කිවු අයට ඇහෙන්නත් එක්ක මම මේ කියන්නේ, අනිවාර්යයෙන්ම අගෝස්තු 18 වැනිදාට මේ රටේ අගමැති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතායි‘ යනුවෙන් ප්‍රකාශ කළ ඒකනායක මහතා තම කථාව අවසන් කළේය.

එහි රැස්ව සිටි ජනතාව ඇමතූ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ තමාගෙන් ඇති තරම් පළිගන්නා ලෙසත් ජනතාවගෙන් පළිනොගන්නා ලෙසත්ය. තමාට පළිගැනීම් හොඳට හුරු පුරුදු බවත් එහිදී රාජපක්ෂ මහතා පැවසීය.

 

 

 

 

 

මහින්ද අසරණයි
මහින්ද අසරණයි

 

ජනක, මහින්දට දණ ගසා වඳී : නන්දිමිත්‍රට හූ හඬ

ජනක, මහින්දට දණ ගසා වඳී :

නාවුල පොදු ක්‍රීඩාංගනයේ අද පැවති සන්ධාන රැලියට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටි වේදිකාවට ගොඩ වූ හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඔහුගේ දෙපා අල්ලාගෙන ඔහුට වැඳ වැටුණේය.

‘ඔබතුමාට මඟේ උපහාරය මෙයයි.‘ යනුවෙන් කී ඔහු එම වැඳුම පමණක් තම ගෞරවය පුද කිරීමට ප්‍රමාණවත් බවත් කතා නොකරන බවත් කීවේය.

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.