නවකවදයේ තවත් බිල්ලක්

 

නවක වදය ඉවසාගත නොහැකිව සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක් පන්නිපිටියේ පිහිටි සිය නිවසේදී පෙරේදා (16) ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි හෝමාගම ‍පොලිසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය, මාඹුල්ගොඩ අංක 114/2 දරන නිවසේ පදිංචිව සිටි 23 හැවිරිදි එස්.එස්. අමාලි චතුරිකා නමැති සරසවි සිසුවියකි. ඇය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී සබරගමුව විශ්ව විද්‍යාලයට තේරී පත්ව ඇත.

නවක වදය ඉවසාගත නොහැකිව ඇය ඉකුත් වසරේ ජුනි මාසයේ නිවසට පැමිණි පසු නැවත විශ්ව විද්‍යාලයට ගොස් නැත්තේ දැඩි මානසික පීඩාව හේතුවෙනි.

ඇය පෙරේදා උදෑසන 11.45ට පමණ සියදිවි නසාගෙන ඇති බවද හෝමාගම ‍පොලිසිය පැවසීය.

ඇය පෙරේදා උදෑසන කුමන හෝ රෝගී තත්ත්වයකට ප්‍රතිකාරද ලබාගෙන ඇතැයි පැවසේ. ඇය සියදිවි නසා ගැනීමට පෙර ලිපියක්ද ලියා ඇති අතර එහි සඳහන් කර ඇත්තේ විශ්ව විද්‍යාලයේ කිසිවකුට සිය මළසිරුර නොපෙන්වන ලෙසය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.