නවෝත්පාදනය:චම්පික රණවක සහ ස්ටීව් ජොබ්ස්

 

Minister_Patali_Champika_Ranawaka10-980x360

 

“අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී” කියලා කිව්වවේ කුමරතුංග මුනිදාස වියතාණන් නව චින්තනයක්   සඳහා  මේ කියමන මුල බීජ  සැපයුවත් අපේ දේශපාලන

කළමනාකරුවන්ට මේක තේරුනේ නැහැ  ඒ නිසා අපිට ආසියාවේ තමන්ගේ කියලා මුකුත්ම හදා ගන්නේ නැති රට බට පත් වෙන්න පුළුවන් වුනා, ගැටළුවක් නැහැ ලෝකෙන් උතුම් රට සින්දුව තියෙනවානේ. එහෙම  කිව්වට කමක් නැහැ මොකද  තමන්ගේ ගම් පලාතෙන් එන හුළඟත් සැපයි කියලා බුදු හමුදුරුවොත් කියලා තියෙනවානේ එත් ඒ අභිමානය එක තැන පල් වෙන්න ලයිසන් එකක් නෙවේ.

කුමාරතුංග  මුනිදාස
කුමාරතුංග මුනිදාස

 

 

මේක මෑත මැතිවරණ වේදිකාවට ගෙනාවේ චම්පික රණවක ඇමතිතුමා එතුමා නම් සියල්ල බැර  කළේ  මහින්ද රාජපක්ෂ මහත්තයාගේ එකවුන්ට් එකට .රාජපක්ෂ ජනාධිපතිතුමන්ට හෝ  ඒ පවූලේ  කාටවත් අළුතෙන් හිතන්න උවමනාවක් නැති නිසා ඒ පරිපාලනයට රට අඟලක් ඉදිරියට ගෙනි යන්න බැරි නිසා ඒ පාලනය තර්කානුකුල අවසානයකට පැමිණ ඇති බවයි චම්පික තර්ක කළේ.ඒ කථාව මැතිවරණ වේදිකාවකට හරි වුනත් ‘නවෝත්පාදනය’ ප්‍රමාණවත් නොවීම ගැන සියළු වගකීම රාජපක්ෂවරුන් වෙතපැවරීම යුක්ති යුක්ත නැහැ.

 

ඇත්තම කියනවා නම් චම්පික වාර්ගික සබඳතා පිළබඳව පල කළේ ගෝත්‍රිකවාදී අදහස්.එක් ජාතියක් විසින් සෙසු ජනවර්ග මත අධිපති බව පතුරවා ගැනීමේ වැඩපිළිවෙලක් ඔහු යෝජනා කලා. දැන් ඔහු වෙනස් වෙලා.එසේ වෙනස් වූ  සිතක මලකඩ කැඩිලා  ‘නවෝත්පාදනය’ ගැන අදහස් පහළවීම පුදුමයක් නෙවේ.

මොනවා වුනත්  නවෝත්පාදනය  කියන අදහස  දේශපාලනිකව  සමාජගත කිරීම ගැන චම්පිකට ස්තුතිවනත් වෙන අතර මේ කතිකාවත ඉදිරියටත් පවත්වාගෙන යතැයි විශ්වාස

කරනවා.

 

download (81)

 

 සල්ලියි තෘප්තියයි

 

නවෝත්පාදනය වර්තමාන  ලෝකය තුල මුලික නිෂ්පාදන සාධකයක්.වෙන් විදියකට කිව්වොත් අළුතෙන් හිතන්න පුළුවන් නම් සල්ලියි තෘප්තියයි එතැන තියෙනවා. තමන් නිෂ්පාදනය කරන දේ තල එලදාව වැඩියි මොනවා වුනත් මානසිකව වැටෙන්නේ නැහැ.මම වටීනා මනුස්සයෙක් කියන සිතුවිල්ල තමන්ගෙන් බැහැර වෙන්නේ නැහැ.

මෑතකදී අප අතරින් වියෝවුණු ඇපල් පරිගණක සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් නවෝත්පාදනය ගැන තමන්ගේ සිතුවිලි ස්ටන්ෆොර්ඩ් විශ්ව විද්‍යලයේ උපාධිලාභීන් සමග  බෙදා ගත්තේ කතන්දර තුනකින් .

 

 

Steve-Jobs-Stanford-Commencement-Speech

විප්ලවීය වෙනස්කම්

අළුත් ආකාරයකට සිතීම  තුලින් ස්ටීව් ජොබ්ස් පරිගණක ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනස්කම් රැසක් කළා. සියුම් නිමාවට බොහෝ දුර යා හැකි බව ඔප්පු කරමින් සර්වබලධාරී මයික්‍රෝසොෆ්ට් සමාගමට  හොඳ තරඟයක් දුන්නා.

අළුතෙන් හිතීම කියන්නේ අධ්‍යාත්මය හැ බැදුණු ක්‍රියාවලියක් බව ජොබ්ස් මේ පුංචි කතන්දර තුනෙන් පෙන්වා දුන්නා.

පළමු කතන්දරය තමන්ගේ විශ්වවිද්යාල අධ්‍යාපනය කඩාකප්පල් වූ අවස්ථාවේදී අළුතෙන් හිතලා වැඩ කරපු හැටි

දෙවෙනි කතන්දරය තමන්ම පිහිටවපු ඇපල් සමාගමේ රස්සාව නැතිවුණු අවස්ථාවේ ඊට මුහුණ දීපු හැටි

තුන්වැන්න තමන් මරණයේ දොරකඩට පැමිණි අවස්ථාවේදී අලුතෙන් හිතල අළුත් ගමනක් ආරම්භ කරපු හැටි

 

වසනාවකට වගේ අළුතෙන් හිතලා වැඩ කරන හිතවතෙක් සිංහල උපසිරැසි සහිතව  මේ කථාව පල කොට තිබෙනවා ඒ වදගත් කටයුත්ත කළ චතුර දිලාන් පෙරේරාට  ට තුති.

 

 

[vsw id=”/q1dIm__PQdg” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

ස්ට්ව් ජොබ්ස් ගේ කථාව සම්පුර්ණයෙන් කියවීමට  මෙතැනට යන්න

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.