නව අධිකරණ ඇමතිතුමිය – තලතා

thalathaනව අධිකරණ ඇමැතිවරිය ලෙස ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. තලතා අතුකෝරල මහත්මියට අධිකරණ ඇමැතිධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරවය. ඇය නීතිඥව්රියක්ද වේ. විටෙක රනිල් විරෝධී පිළේ සිටි ඇය මධ්‍යස්ථ මතධාරිනියක් සේ ප්‍රකටය.

කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන රවීන්ද්‍ර සමරවීර මහතාට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මේ අතර විජයදාස රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිත බව ආරංචි මාර්ග කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.