නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව : සැබෑ නොවන සිහිනයක්ද

maithripalaනව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේනම් ඒ පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේ ද අදහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනපති මේ බව ප‍්‍රකාශ කළේ මහා නායක හිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය සමග ඊයේ (6) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදීය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කිසිදු අවසන් ලියවිල්ලක් මෙතෙක් සකස් කර නොමැති බව අවධාරණය කළ ජනපති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයක් අද රට තුළ මතුව තිබුණ ද, රජය එවැන්නක් කෙටුම්පත් කරන්නේනම් එය රටේ අනාගතය සහ ස්ථාවරත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් සිදුකරන්නක් බව ද සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ ද මේ හා සමාන ප්‍රකාශයක් සිදු කොට ඇත. දෙපළම කියා සිටින්නේ කිසිත් සුදානම් නැති බවයි. එසේ නම් මේ ලියැවිල්ල සුදානම් වන්නේ කවදද? මේ ආණ්ඩුවට ජන මත විචාරණයෙන් තොර විමුක්තියක් නැත. ආණ්ඩුවට සුළු ජාතික ඡන්දයේ පිහිටෙන් ජනමත විචාරණයක් ජය ගත හැකිය. එහෙත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට තරම් කොන්දක් තිබේද යන්න ප්‍රශ්නයකි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.