නව ඇමැතිවරු සතර දෙනෙක්‌

රජයෙන් මීට පෙර ඉල්ලා අස්‌වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ඇමැතිවරුන් වෙනුවට නව ඇමැතිවරු සතර දෙනෙක්‌ සහ නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (29 දා) දිවුරුම් දුන්හ.

ඒ අනුව ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කැබිනට්‌ ඇමැතිවරයා ලෙසත්, පණ්‌ඩු බණ්‌ඩාරනායක මහතා රාජ්‍ය පරිපාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය ඇමැති ලෙසත්, රංජිත් සියඹලාපිටිය මහතා පරිසර රාජ්‍ය ඇමැති ලෙසත්, හේමාල් ගුණසේකර මහතා නිවාස හා සමෘද්ධි රාජ්‍ය ඇමැති ලෙසත් දිවුරුම් දී තිබේ.

ඉඩම් නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පත්කොට ඇත.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කැබිනට්‌ ඇමැති ලෙස පත්වූ ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතා ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති ලෙස වත්මන් රජයේ කටයුතු කරන අතර රංජිත් සියඹලාපිටිය මහතාද ස්‌වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටී.

එම නියෝජ්‍ය ඇමැති ධුරයන්ට අමතරව ඔවුන් නව ඇමැතිධුර සඳහා පත්කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය කියා සිටී.

මහින්ද යාපා අබේවර්ධන, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, ඩිලාන් පෙරේරා යන සන්ධාන මන්ත්‍රීවරු මීට පෙර ඇමැතිවරුන් ලෙස කටයුතු කරමින් සිට පසුගියදා එම තනතුරුවලින් ඉල්ලා අස්‌වූ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.