නව ඡන්ද ක්‍රමයට එකඟ නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති එකඟයි -අනුර

 

 

anura-kumara-11-copy

 

නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට පොදු එකඟතාවක් ඇතිකර ගත නොහැකිවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පල කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඊයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාව පල වු බවත්  නව මැතිවරණ ක්‍රමය සම්මත කරගත්තත් එළඹෙන මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීමට කාලය මදිවනු ඇතැයි එහිදී  සාකච්ඡාවට වූ බවත් හෙතෙම සඳහන් කළේය.

අදාළ මැතිවරණ  ක්‍රමය පිළිබඳව පක්ෂ අතර එකඟතාවයකට පැමිණිහොත් එළඹෙන 13 වන දින කැබිනට් මණ්ඩලයට යෝජනාව යොමු කර සම්මත කරගන්නා බවද ජනාධිපතිවරයා අදාළ සාකච්ඡාවේදී   සඳහන් කළ බව මන්ත්‍රීවරයා පැවසී ය.

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ විපක්‍ෂ නායකවරයා නියෝජනය නොකරන පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්‍ෂවල නියෝජිතයින්ගේ සාකච්ඡාවක් අද පස්වරු 04.00ට පැවැත්වීමට නියමිතයි.

හෙට (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවල සහභාගීත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.