නව මැතිවරණ ක්‍රමය-CAFE වෙතින්

 

 

 

 

මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳව විවිධ සිවිල් සංවිධාන, බලපෑම් කණ්ඩායම්, දේශපාලන පක්ෂ හා මැතිවරණ බලධාරීන් විසින් මේ වන විට යෝජනා 14ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත. එහි සාධණීය කේන්ද්‍රස්ථානය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා සංශෝධනය කොට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවයි. එම යෝජනාවට කුඩා සංශෝධන දෙකක් ඉදිරිපත් කිරීමෙන් අද ක්‍රියාත්මක වන සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ එක් එක් දේශපාලන පක්ෂයට දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ලැබෙන ප්‍රතිඑලය ලැබීම තහවුරු කෙරෙන ඡන්ද ක්‍රමයක් මේ වන විට යෝජනා වී ඇත. මෙම ක්‍රමය මඟින් කිසිදු දේශපාලන පක්ෂයකට අවාසියක් සිදු නොවන අතරම කිසිදු පක්ෂයකට අතිරේක වාසියක් ද ලබා ගත නොහැක. මේ අනුව මෙම නව මැතිවරණය යෝජනාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 වන වන සංශෝධනය බවට පත්වීමට ඇති ඉඩකඩ අති විශාලය.

 

 

පසුගිය මාස 3 ක් පුරා බුද්ධිමතුන්, දේශපාලන නායකත්වය, මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ අපරිමිත වූ කැපවීමේ ප්‍රතිඑලයක් ලෙස එළි දකිනු ලැබූ මෙම යෝජනාවට මේ වන විට දේශපාලන නායකත්වයේ ආශිර්වාදය ලැබෙමින් තිබේ. වඩාත් පුඵල් ප්‍රතිඑලදායී සංවාදයක් සදහා යෝජිත මැතිවරණ ක්‍රමය කුමක්ද යන්න සරළව පැහැදිලි කර ගැනීම වැදගත්ය.

යෝජිත මැතිවරණ ක්‍රමය මුලික වශයෙන්ම මෙරට සෑම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් එකගත්වය පළ කොට ඇති දිනේෂ් ගුණවර්ධන යෝජනා මත පදනම්වී ඇත. එපමනක් ද නොව එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජනාධිපතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු ඉටු කිරීමකි. පුඵල් අර්ධයෙන් ගත් කළ මෙරට දේශපාලන සංස්කෘතිය කාබාසිනියා කළ මනාප ඡන්ද ක්‍රමයට තිත තැබීමකි. විද්‍යාත්මක පදනමකින්, පුඵල් සැබෑ මහජන නියෝජනයකට මාර්ගය විවර කර ගැනීමකි.

ලංකා සමාජය ඕනෑම දෙයක් පිළිගන්නේ දේශපාලන කණ්නාඩියකින් බලාය. ඒ අර්ථයෙන් ගත් කළ මෙම යෝජනාව කිසිවෙකුගේ තනි පුද්ගල අදහසක් නොවේ. එක පක්ෂයක හෝ කණ්ඩායමක අදහසක්ද නොවේ. එයට විවිධ දේශපාලන මත සහිත කණ්ඩායම්, බුද්ධිමතුන්, සිවිල් සංවිධාන, මැතිවරණ නිලධාරීන්ගේ දායකත්වය ලැබී තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන නොකරන එක් එක් කණ්ඩායම් හි නියෝජිතත්වය තහවුරු කිරීම සඳහා වන අදහස් යෝජනා සැලකිල්ලට ගෙන ඇත. සැබෑ ලෙසම එය නවසීලන්ත මැතිවරණ ක්‍රමයේ දිගුවක් වුවත්, මෙය මේ වන විටසැබෑ දේශීය විසඳුමකි.

දේශපාලන නායකත්වය විසින් අතහැර දමා තිබූ මැතිවරණ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන එනු ලැබූවේ බුද්ධිමතුන් හා සිවිල් සංවිධාන අතලොස්සක් හා මැතිවරණ දෙපාර්තමේන්තුවේ අති මහත් කැපවීමෙනි. එහි ප්‍රතිඑලය වූවේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ සකල විධ දැනුම උකහා ගත් නව මැතිවරණ ක්‍රමයක් බිහිවීමය. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ජනතාව ගේ යෝජනාවක් බවට අද පරිවර්තනය වී ඇත්තේ ද එබැවිනි.

පැය කිහියක් තුල කුඩා දේශපාලන පක්ෂ වෙත එහි තිබූ අවදානම මුඵමනින්ම ඉවත් කර ගත හැකි වුයේ ජනතා නියොජනය තහවුරු කරන්නට සෑම පාර්ශවයකටම තිබු ඒකායන වුවමනාව නිසාය. මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කෙටුම්පත් වන්නේ පරිසමාප්ත විසඳුමකි.

ඉතිහාසයේ කවරදාකටත් වඩා අප මැතිවරණ සංශෝධනය යථාර්ථයක් බවට පත් කොට ඇත්තේ එම සංශෝධනයට පොදු වේ පුඵල් අනුමැතියක් ලැබෙමින් පවත්නා නිසාමය.

නව ක්‍රමය කුමක්ද?

දැනට යෝජිත මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනාවලිය අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 225 සිට 255 දක්වා ඉහළ නැංවීමට යෝජනා වී ඇත. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් මැතිමැතිවරණ කොට්ඨාශ, බහු ආසන සහ සමානුපාතික නියෝජනයක් තුල මන්ත්‍රීවරුන් 196 දෙනෙක් තෝරා ගනී. අනෙක් මන්ත්‍රීවරුන් තේරී පත්වන්නේ රටේම ඡන්දයේ අනුපාතය අනුව ජාතික ලයිස්තුවෙනි. දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත්නා මන්ත්‍රීවරුන් අතුරින් 165 ක් හෝ එයට ආසන්න සංඛ්‍යාවක් නව සීමා නිර්ණය කිරීමක් යටතේ සිදුවන මැතිවරණ කොට්ඨාශ මට්ටමින් තේරී පත්වේ. බහු ආසන නියෝජනය, ඡන්ද සංඛ්‍යාව අනුව දිස්ත්‍රික්කයකට හිමිවිය යුතු මන්ත්‍රී සංඛ්‍යාව අනුව දිස්ත්‍රික්කවලින් පත්වන මන්ත්‍රී සංඛ්‍යාව 196 ලෙසම පවතී. සීමා නිර්ණය කිරීමේ දී සුඵ ජන කොටස් වලට අසාධාරණයක් සිදු නොවීම සදහා බහු ආසන 15 කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය කිරීම සිදු කළ හැකිය.

නව ක්‍රමයට එරෙහිව ජනප්‍රිය මතුපිට තර්කය වී ඇත්තේ මන්ත්‍රී සංඛ්‍යාව ඉහල දැමීම සිදු නොවිය යුතු බවයි. වත්මන් මැතිවරණ ක්‍රමය බිහිවන විට මෙරට සිටියේ ඡන්දදායකයින් ලක්ෂ 70 ක් පමණය. මේ වන විට එය ලක්ෂ 150 දක්වා ඉහළ ගොස් ඇත. එයටත් වඩා සාම්ප්‍රදායිකවය පැවති මන්ත්‍රී ආසන (ඡන්ද කොට්ඨාශ) අතහැර දැමීමට මෙරට ඡන්ද දායකයින් සුදානම් මට් මන්ත්‍රී සංඛ්‍යාව අඩු කළ හැකිය. මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ දැමීම සිදු නොකරන්නේ නම් මාතර දිස්ත්‍රීක්කය ඡන්ද කොට්ඨාශ 5 ක් හෝ 6 ක් විය යුතුය. ගාල්ල ආසන 7 ක් පමණ විය යුතුය. තමන්ගේ සාම්ප්‍රදායික ඡන්ද කොට්ඨාශය මකා දැමීමට කොපමණ පිරිසක් සුදානම් ද ය්න අපගේ විමසුමට බදුන් විය යුතුය. කරන්කරන්දෙණිය, බලපිටිය, අම්බලන්ගොඩ, රුවන්වැල්ල, යටින්තොට, පස්සර, ලෙස වන ආසන අහෝසි නොවන්නට නම් මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැත. ආසනයට වගකියන මන්ත මන්ත්‍රීවරයෙකු පත් වන ඡන්ද ක්‍රමයක් පිළිබද ඡන්ද පොරොන්දුව ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රකාශනයට පැමිණෙන්නේ ද මෙම ලැදියාව නිසාමය. අනෙක් අතට මහජන නියෝජනය පුඵල් කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව නොව රටට ශාපයක් වී ඇත්තේ ඇමති ධූර සංඛ්‍යාව ඉහළ නැංවීමය. ඔවුනට අනවශ්‍ය ලෙස වාහන, ඉන්ධන, සේවක පිරිස් සැපයීමය.

 

 

 

 

නව ක්‍රමයට අනුව නාම යෝජනා සකස් කරන ආකාරය

අද සිදුවන ආකාරයෙන්ම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව මැතිවරණ කොමාසාරිස්වරයා එක් එක් දිස්ත්‍රික්කයට පත් විය හැකි උපරිම මන්ත්‍රී ආසන සංඛ්‍යාව තිරණය කරනු ලබයි. එම සංඛ්‍යාව සෑම විටම දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ඨාශ සංඛ්‍යාව හෝ එයට වැඩි සංඛ්‍යාවකි. නාම යෝජනා සැකසීමේ දී කොටකොට්ඨාශ ගණනට නොව දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාවට අමතරව තවත් නම් තුනක් සහිත නාම යෝජනා පත්‍රයක් සකස් කළ යුතුය. උදාහරණයක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කයට කොට්ඨාශ 3 ක් තිබේ. නමුත් ඡන්ද දායකයින්ගේ ප්‍රමාණය අනුව මන්ත්‍රී ධූර පහක් හිමි විය යුතු යැයි සිතමු. එවිට එක් පක්ෂයක නාම යෝජනා පත්‍රෙය් අපේක්ෂකයින් අටක් ඇතුලත් විය යුතුය. ඉන් තුනක් ඉදිරියේ ඔවන් තරග වදින කොට්ඨාශය බිබිල, වැල්ලවාය, මොණරාගල ලෙස සටහන් කෙරේ. ඉතිරි 5 දෙනාගේ නම් ඉදිරියේ එවැනි සටහනකක් නැත. කොට්ඨාශය වෙනුවෙන් නම් කළ අපේක්ෂකයා තම කෝට්ඨාශය තුල පමණක් මැතිරවණ ව්‍යාපාරය සිදු කරයි. අනෙක් පත් දෙනා පක්ෂය වෙනුවෙන් දිස්ත්‍රික්කය පුරා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරයි. නමුත් මෙම පිරිසට ද පාර්ලිමේන්තුව නියෝජන කිරීමේ අවස්ථාව මෙම ක්‍රමය යටතේ හිමි වේ. මනාප තරගයක් නැති නිසා එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර තරගයක් නැත. ගැටුම් නැත. පක්ෂය මිස අපේක්ෂකයින් දිනවීමක් නැත. පක්ෂය දින්නේ නම් එම අපේක්ෂකයා ඉබේම ජයගන්නේය. මැතිවරණ තරගය පවතින්නේ එක් කොට්ඨාශයට තරග වදින විපක්ෂයේ අපේක්ෂකයින් අතරය.

මැතිවරණයක් පැවැත්වීමෙන් පසුව සමස්ථ දිස්ත්‍රික්කයේ එක් එක් එක් දේශපාලන පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරයි.

මෙය උදාහරණයක් මගින් පැහැදිළි කරගත හැකිය. මොනරාගල දිස්ත්‍රික්කය උදාහරණයක් ලෙස ගනිමු.

ඡන්ද කොට්ඨාශය ශ්‍රිලනිප එජාප ජවිපෙ
වැල්ලවාය ජගත්    
බිබිල   රංජිත්  
මොණරාගල සුමේධා    
       

 

දිස්ත්‍රික් ප්‍රතිඑලයට අනුව මොණරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රීලනිප ට මන්ත්‍රී ධූර 3 ක්, එජාපයට 1 ක් හා ජවිපෙට 1 ක් හිමි වූවේ යැයි සිතමු.

ශ්‍රීලනිපයේ ආසන දිනූ සුමේධා සහ ජගත් පළමුව එම පක්ෂයේ මන්ත්‍රී ධූර 3 න් ජයග්‍රාහකයින් 2 දෙදෙනා බවට පත්වෙති. ඉතිරි මන්ත්‍රීවරයා වන්නේ ලැයිස්තුවේ ඉතිරිව සිටින අපේක්ෂකයින් 5 දෙනා අතුරින් අයෙකු හෝ බිබිල ආසනයට තරග කළ අය හෝ ය. එම තීරණය ගැනීමේ ක්‍රමවේදයන් එකකට වැඩි සංඛ්‍යාවක් පිළිබද දේශපාලන පක්ෂ සාකච්ඡා කරමින් සිටී.

එජාපයට හිමිවන්නේ එක් මන්ත්‍රී ධූරයක් නිසා එය බිබිල අසුන ජයගත් රංජිත්ට හිමි වේ. (එජාපට අසුන් දෙකක් හිමි නොවන නිසා අතිරේක ලැයිස්තුවෙන් ප්‍රයෝජනයක් නොවේ.) ජවිපෙ ආසන දිනා නැත. නමුත් දිස්ත්‍රික් මට්ටමින් ඔවුනට අසුනක් හිමිවේ. එයට තේරී පත් වන්නේ මැතිවරණ කොට්ඨාශයට තරග නොකළ නමුත් ලැයිස්තුවේ සිටි අයෙකි. (අවශ්‍ය නම් එය ආසනය පරාජය වූ අයෙකුට ද ලබා දීමට ප්‍රතිපාදන සැකසිය හැකිය.)

දැනට යෝජනා වී ඇති වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන්නේ ඉහළම ඡන්ද ප්‍රතිශයතය ලබාගත් පරාජිත අපේක්ෂකයින් හා කෝට්ඨාශ නියෝජනය නොකළ ලැයිස්තුවේ පුද්ගලයින් 50 ට50 ලෙස පත් කිරීමයි.

දැන් ඉතිරිව ඇත්තේ ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමය. පක්ෂ වලට ජාතික ලයිස්තුවෙවෙන් හිමිවන මන්ත්‍රීවරුන් ගේ සංඛ්‍යාව තීරණය වන්නේ සමස්ථ ප්‍රතිඑලයේ ප්‍රතිශතයන් අනුවය. සියයට 1 කට අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂ නොතකා මෙහි දී මන්ත්‍රීවරුන් පත් වනු ඇත.

ජාතික ලැයිස්තුව සදහා වෙන්වී ඇති ආසන 59 ක් පක්ෂ විසින් ලබාගත් ඡන්ද වල ජාතික අනුපාතය අනුව බෙදනු ලැබේ. එක් එක් පක්ෂය ලබාගත් ජාතික ආසන සංඛ්‍යාවෙන් දිස්ත්‍රික් මට්ටමින් දේශපාලන පක්ෂ ලබාගත් අතිරේක ආසන ප්‍රමාණයක් වේ නම් එය අඩු කරනු ලැබේ. ජාතික ලැයිස්තුව යටතේ එක් එක් පක්ෂයට හිමිවන්නේ එලෙස ඔවර් හැගින් ඉවත් කළ ආසන සංඛ්‍යාව පමනී. මෙම මැතිවරණ ක්‍රමයේ ඕවර් හැගින් (Over Hanging) ලෙස සලකනු ලබයි.

ජාතික ලයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාව නිශ්චිත අගයක් ගන්නේ නෑ. එය මන්ත්‍රීවරුන් 20- 35 අතර සංඛ්‍යාවක් වෙන්නට පුඵවන්. මෙම අද පවත්නා ජාතික ලැයිස්තුවේ වඩා සංවර්ධිත අවස්ථාවකි. මන්ද වත්මන් ක්‍රමය යටතේ ජාතික වශයෙන් එක් එක් දේශපාලන පක්ෂය මන්ත්‍රී ධූරයක් සදහා අවශ්‍ය වන ඡන්ද සංඛ්‍යාව ඡන්ද සංඛාව තීරණය වන්නේ ඒ සදහා සුදුසුකම් ලැබූ පක්ෂ ලැබූ මුඵ ඡන්ද සංඛ්‍යාව 29 න් බෙදීමෙනි. නමුත් නව ක්‍රමය යටතේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව ඔවර් හැගින් නොමැතිව 59 ක් බව බැවින් මන්ත්‍රී ධූර සංඛ්‍යාව ගණන කරනු ලබන්නේ 59 ක් බෙදීමෙනි. කේවල ක්‍රමයේ දී ඔවර් හැගින් ලැබෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටය. ඒ අනුව මෙහි සෘජු වාසිය ලැබෙන්නේ කුඩා දේශපාලන පක්ෂ වෙතය. ඔවුනට ජාතික ලැයිස්තුවේ හිමිවන ආසන සංඛ්‍යාව බොහෝවිට ඉහළ යාමට හැකි වේ.

එක් එක් පක්ෂයට එයින් හිමිවන නියෝජනය තීරණය වන්නේ ලංකාවේ සමස්ථ ඡන්ද සංඛ ව අනුවය. සියයට එකකවත් ඡන්ද ලබා නොගන්නා පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවෙන්නේ නෑ. ඒ අනුව ජාතික ලැයිස්තුවේ දී කුඩා දේශපාලන පක්ෂවලට කිසිදු අසාධාරණයක් සිදු වන්නේ නෑ. දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය මගින් කුඩා පක්ෂ වලට හිමිවන වාසිය එලෙසම රැකෙනවා. 2001 සිට 2010 දක්වා මැතිවරණ ප්‍රතිඑල විමසීමේ දී පෙනෙන්නේ සෑම පක්ෂයකටම ඔවුන් හිමි කර ගත් මන්ත්‍රී ධූර සංඛ්‍යාව හෝ එයට වැඩි සංඛ්‍යාවක් හිමි වන බවයි.

යෝජිත මැතිවරණ ක්‍රමය 2010 හා 2004 මහ මැතිවරණ වල එක් එක් දේශපාලන පක්ෂය ලැබූ මන්ත්‍රී සංඛ්‍යාව හා සැසදීම පහත දැක්වේ.

යෝජිත ක්‍රමය 2010 හා 2004 මහ මැතිවරණ වලට දැමු දැමු විට ලැබෙන ප්‍රතිඵල

2010 ප්‍රතිඵල – නව ක්‍රමය හා පැවති ක්‍රමය අතර සැසඳීමක්

2010 දැනට පවතින ක්‍රමය නව යෝජනාව
  ආසන % ආසන % වෙනස
එක්සත් ජනතා නිදහස් සන්ධානය 144 64% 162 64% 18
එක්සත් ජාතික පක්ෂය 60 27% 65 25% 5
ජනතා විමුක්ති පෙරමුණ 7 3% 10 4% 3
දෙමළ සංධානය 14 6% 18 7% 4
මුළු එකතුව 225 100% 255 100% 30

 

2004 ප්‍රතිඵල – නව ක්‍රමය හා පැවති ක්‍රමය අතර සැසඳීමක්

2004 දැනට පවතින ක්‍රමය නව යෝජනාව
  ආසන % ආසන % වෙනස
එක්සත් ජනතා නිදහස් සන්ධානය 105 47% 132 52% 27
එක්සත් ජාතික පක්ෂය 82 36% 82 32% 0
දෙමළ සංධානය 22 10% 24 9% 2
මුස්ලිම් කොන්ග්‍රසය 5 2% 6 2% 1
ජාතික හෙළ උරුමය 9 4% 9 4% 0
EPDP 1 0% 1 0% 0
කඳුරට ජනතා පෙරමුණ 1 0% 1 0% 0
මුළු එකතුව 225 100% 255 100% 30

 

2001 ප්‍රතිඵල – නව ක්‍රමය හා පැවති ක්‍රමය අතර සැසඳීමක්

2001 දැනට පවතින ක්‍රමය නව යෝජනාව
  ආසන % ආසන % වෙනස
එක්සත් ජනතා නිදහස් සන්ධානය 77 34% 82 32% 5
එක්සත් ජාතික පක්ෂය 109 48% 126 50% 17
ජනතා විමුක්ති පෙරමුණ 16 7% 20 8% 4
දෙමළ සංධානය 15 7% 19 7% 4
මුස්ලිම් කොන්ග්‍රසය 5 2% 5 2%  
EPDP 2 1% 2 1% 0
DPLF 1 0% 1 0% 0
මුළු එකතුව 225 100% 255 100% 30

 

2000 ප්‍රතිඵල – නව ක්‍රමය හා පැවති ක්‍රමය අතර සැසඳීමක්

2000 දැනට පවතින ක්‍රමය නව යෝජනාව
  ආසන % ආසන % වෙනස
එක්සත් ජනතා නිදහස් සන්ධානය 107 48% 127 50% 20
එක්සත් ජාතික පක්ෂය 89 40% 93 36% 4
ජනතා විමුක්ති පෙරමුණ 10 4% 11 4% 1
දෙමළ සංධානය 5 2% 7 3% 2
මුස්ලිම් කොන්ග්‍රසය 4 2% 5 2% 1
ජාතික හෙළ උරුමය 1 0% 1 2% 0
EPDP 4 2% 6 1% 2
TELO 3 1% 3 0% 0
දෙමළ කොන්ග්‍රසය 1 0% 1 0% 0
ස්වාධීන 1 0% 1 0% 0
මුළු 225 100% 255 100% 30

යෝජිත මැතිවරණ ක්‍රමය තුලින් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයට ආසන අඩුවීමක් සිදු නොවන බව මේ අනුව ඉතාමත් පැහැදිලිය. ඒ අනුව, කුඩා දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ජවිපෙ, මුස්ලිම් කොන්ග්‍රසය, මනෝ ගනේෂන්, පී.දිගම්බරම් වැනි ඉන්දීය සම්භවයක් සහිත කණ්ඩායම් තමන්ට අසාධාරණයක් සිදු විය හැකි බවට ඉදිරිපත් කළ සැකයට පදනමක් නොමැත.

නමුත් මෙහි දී ලංකාවෙන්ම මන්ත්‍රී ධූර දෙක තුනක්, ඇතැම් අවස්ථාවක දී එක් මන්ත්‍රී ධූරයක් පමණක් හිමි කොට ගෙන නමුත් කැබිනට් අමත්‍ය ධූරයක් ද හිමි කර ගැනීමට බලාපොරොත්තුව වන කණ්ඩායම්වල කේවල් කිරීමේ බලය අඩු වේ. මන්ද, යෝජිත ක්‍රමය අස්ථාවර ආණ්ඩුවක් ඇතිවීමට අවශ්‍ය ඉඩකඩ සීමා කරන බැවිනි. එපමණක් ද නොවේ. අති විශාල බහුතරයක් සහිතව ජයග්‍රහණය කරන 2010 වැනි අවස්ථාවක කිසිදු දේශපාලන පක්ෂයකට එවැනි අති විශාල බලයක් හිමි නොවන තත්වයක් නිර්මාණය කරමින් දෙවන හා තෙවන ස්ථානවලට පත්වන කණ්ඩායම් වලට වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් හිමි කර දෙන බැවිනි.

මෙරට ව්‍යවස්ථා සංශෝධනයන් හි යහපත් අරමුණු ඉටුවන්නට නම් මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් අනිවාර්ය වූ අවශ්‍යතාවකි. එය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ගුණාංග රැකදෙන සංශෝධනයක් විය යුතුය. මඩ වගුරෙන් මතුවන නෙලුම් මලක් සේ මේ ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම සදහා වන මැතිවරණ ක්‍රමය පුබුදවා ගත යුතුව ඇත්තේ ය. මැතිවරණ සංශෝධන සදහා වන නව යෝජනාව විසින් අප එහි දොරකඩටම රැගෙන විත් ඇත්තේය. මැතිවරණ සංශෝධන පිළිබද පන්දුව දැන් ඇත්තේ ශ්‍රීලනිප, එජාප, ද්‍රවිඩ මුස්ලිම් ජාතික පක්ෂ පිට්ටනියේ ය. ජවිපෙ ඇතුඵ පක්ෂ අතේය. වගකීමක් සහිතව ක්‍රීඩා කරමින් ජනනාවට ජයග්‍රහණ දිනාදීම සෑම දේශපාලන පක්ෂයක් සතු වගකීමකි.

-රජිත් කීර්ති තෙන්නකෝන් – විධායක අධ්‍යක්ෂ කැෆේ-

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.