නාකියාදෙණියේ දරුවාගේ මළ සිරුර හොයා ගනී

නාකියාදෙණිය, තෙල්ලඹුර මහේෂ්ලන්ඞ් වත්තේ පදිංචිව සිටියදී අතුරුදන් වු  සත් හැවිරිදි පිරිමි දරුවාගේ මළසිරුර අද සොයා ගැනුණා. ඒ මහේෂ්ලන්ඞ් වත්තේ වසා දමා තිබු වතු නිවාසයක තිබීයදියි. මෙම දරුවා ඉකුත් 8 වනදා සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ මව පොලීසියට පැමිණිලි කර තිබුණා.

BOY-DEAD-w-www.nethfm.com-11

පුනෙත් රාජා ලක්මාල් නමැති මෙම දරුවා ඉහළ තෙල්ලඹුර විද්‍යාකාන්ති කණිටු විදුහලේ 02 ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවා. ඉකුත් 08 වනදා පාසල් ගොස් යළි නිවසට පැමිණ ඇති දරුවා ගෙමිදුලේ ක්‍රීඩා කරමින් සිට තිබෙනවා. පසුව දරුවා පිළිබද සොයා බැලීමේදී ඔහු අතුරුදන්ව ඇති බව දැනගත් බවයි දරුවාගේ මව පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

 

දරුවා පදිංචිව සිටි නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි වසා දමා තිබු වතු නිවාසයක දී තිබියදි දරුවාගේ මළසිරුර සොයා ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් පරික්‍ෂණ පැවැත්වීම සඳහා පොලිස් නිල සුනඛයින්ගේ ද සහය ලබාගෙන තිබෙනවා.

BOY-DEAD-w-www.nethfm.com-03

 

 

 

BOY-DEAD-w-www.nethfm.com-10

 

 

 

BOY-DEAD-w-www.nethfm.com-06

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.