නාගරික මන්ත‍්‍රීවරියකගේ ඥාති සහෝදරයෙක් ගංජා සමග අත්අඩංගුවට

police custodyගංජා මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 01කට අධික ප‍්‍රමාණයක් මෝටර් රථයකින් ප‍්‍රවාහණය කරමින් සිටි පුද්ගලයින් තුන් දෙනෙකු නාරාහේන්පිට දාබරේ මාවත ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට නාරාහේන්පිට පොලිසිය සමත් වුණා. අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අතර කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරියකගේ ඥාති සහෝදරයෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ. මොහු කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. පොලිසිය විසින් සැකකරුවන් තිදෙනාගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීම් සිදු කරනවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.