නාටු ගිරවෙක් දී මාල ගිරවියක් අරන් ආවා- රනිල්

thissa_hirunika

 

 

අපේ නායක හාමුදුරුවනේ අපි ඊයේ අපි ළඟ හිටපු නාටු ගිරවෙක් ජනාධිපතිට දීලා එතුමා ළඟ හිටපු හොඳ හැඩකාර මාල ගිරවියක් අරන් ආවා’ යනුවෙන් විපක්ෂ නායකවික්‍රමසිංහ මහතා අද (09) මහනුවර මල්වතුපාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහෝපාද්‍යන් වහන්සේ හමුවේ සඳහන් කරන්නට යෙදිණ.

ඉතාම සැහැල්ලු සිතකින් මිත්‍රශීලී ආකාරයට මහානායක හිමියන් හා කරුණු දක්වා ඇති විපක්ෂ නායකවරයා තවදුරටත් පවසා ඇත්තේ

‘පිටරටවල්වල මීයො ගිලෙන නැව්වලින් එලියට පණිනවා. නමුත් අපේ මීයො කරන්නෙ ගිලෙන නැව් වලට පණින එක. දැන් ගුවන් විදුලි සංස්ථාව මෛත්‍රී භාවනාව නවත්වල කියල ආරංචියි. මේ මිනිස්සුන්ට කවුද දන්නෑ මේවලට උපදෙස් දෙන්නෙ? ඔය මිනිස්සු හැම එක්කෙනෙක්ම අපි ළඟ හිටියෙ. අපි ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙන්න ඕනි ඔය වගේ මිනිස්සු එයා ළඟට අරගෙන අපේ පක්ෂය සුද්ධකරල දුන්නට’ කියාය.

lanka news web

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.