නාමල්,චමල්,සමග මෛත්‍රී හම්බන්තොට

425

 

 

 

හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලනය ජනාධිපති සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (25) පෙරවරුවේ අගුණකොළපැලැස්ස නගර ශාලාවේදී පැවැත්විණි.

 

මහින්ද රාජපක්ෂ පිළ ජනාධිපතිවරයාට එරෙහිව යුධ ප්‍රකාශ කොට තිබෙන

අවස්ථාවක හම්බන්තොටට යෑමට ගත් මේ තීරණය දේශපාලන ක්‍රියාන්විතයක කොටසක් සේ සැලකිය හැකිය.ඉදිරි දින කීපය තුල හම්බන්තොට පළාතේ ආසන සංවිධායක පත්වීම් වල වෙනස්කම් සිදු කිරීමට ඉඩ ඇත.426

 

කථානායක චමල් රාජපක්ෂ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර  ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ඒ.එච්.එම්. ෆවුසි, නිරුපමා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, වී.කේ. ඉන්දික, කමලා රණතුංග යන මහත්ම මහත්මීන් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැති ඇමතිවරු රැසක් මීට එක්ව සිටියහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.