නාමල්ට අධි චෝදනා

namalහෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පුද්ගලයින් පස්දෙනාගෙන් ඊයේ  (06) දිනයේදී අධිකරණයේ පෙනී සිටි තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අධි චෝදනා පත‍්‍ර බාර දුන්නේය.

අධිකරණයේ පෙනී සිටි පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම සහ ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක මහත්මීන්ට විවෘත අධිකරණයේදී අධි චෝදනා පත‍්‍ර බාර දෙනු ලැබිණි.

නඩුවට ඉදිරිපත් නොවී විදේශගතව සැගවී සිටින විත්තිකරුවන් දෙදෙනෙකු විසින් ලිඛිතව ලබා දෙන ලද අවසරය මත ඔවුන් දෙදෙනා වෙනුවෙන් නීතීඥවරුන් අධිකරණයේ පෙනී සිටි අතර විත්තිකරුවෙකු ලෙස නම් කොට සිටින ගවර්ස් කෝපරේටඞ් ලිමිටඩ් ආයතනය  වෙනුවෙන්  කිසිඳු නීතීඥ  නියෝජනයක් සිදුවුයේ  නැත.

මීට පෙර අවස්ථාවක කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට දැනුම් දෙමින් සිතාසි නිකුත් කොට තිබිණි.

පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙන්ත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  11 ක්  යටතේ නීතීපතිවරයා  නඩු පවරා තිබිණි.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතීඥවරුන් අධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් මෙම සිද්ධියට අදාළව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් ලක්‍ෂය බැගින් මුදල් හා රුපියල් ලක්‍ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් සිව් දෙනෙකු සහිත ඇප මත මුදාහැර ඇති හෙයින් එම ඇප මතම  මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා මෙම නඩුව ස්ථීර විනිසුරුවයා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් විනිසුරුවරයා මෙම නඩුව ලබන 28 වැනිදා කැඳවීමට නියම කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.