නාමල්ට රිමාන්ඩ් එක පුරුදුයි

පසුගිය අඟහරුවාදා මේ ගැන කටඋත්තරයක් ලබාදීමට නාමල් රාජපක්ෂ හම්බන්තොට පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබිණි.

එහෙත් එදින උදෑසන කොළඹ මහාධිකරණයේ පැවැති නඩුවක් නිසා නාමල්ට උදෑසන පොලීසියට පැමිණීමට නොහැකිබව දැන්වීය. අනතුරුව හැන්දෑවේ ඔහුට පොලීසියට එන්නැයි කීය. ඒ වනවිට හම්බන්තොට පොලීසිය අවට දැඩි ආරක්ෂාවක් යොදාතිබිණි. රාත්‍රි 7.30ට පමණ නාමල් සෙසු මන්ත්‍රී පිරිසක් නීතිඥවරුන් වන ප්‍රේමනාත් දොළවත්ත හා සුමිත් විජේසිංහ ඇතුළු පිරිසක් සමඟ පොලීසියට පැමිණියහ.

පොලීසියේදී ප්‍රකාශ සටහන් කළේ රාජ්‍ය දේපොළට අලාභහානි සිදුකිරීම (පොලිස් රථවාහනවලට ගල්ගැස්සවීම) උසාවි නියෝග කඩකිරීම ආදී චෝදනා ගණනාවක් මත ඔහු අත්අඩංගුවට ගන්නා බවය.

ඒ මොහොතේ ජපානයේ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ බව දැන්වීමෙන් පසුව රාජපක්ෂ මහතා නාමල් අත්අඩංගුවට ගන්නට සුළු මොහොතකට කළින් නාමල්ගේ ජංගම දුරකතනයට කතා කළේය.

“ඔයා අත්අඩංගුවට ගන්නද යන්නෙ? මහින්ද නාමල්ගෙන් විමසීය. “ඔව් තාත්තෙ ප්‍රශ්නයක් නැහැ… අපි වරදක් කරලා නැහැනේ. රිමාන්ඩ් එක මට දැන් හොඳට පුරුදුයි. එතන මිනිස්සුත් හොඳයි… මම යන්නම්. තාත්තා වැඩටික ඉවර කරගෙන හෙමින් එන්න. නාමල් මහින්ද රාජපක්ෂ මහතාට කීය. “ඔව් ඔයා මන්ත්‍රී වුණ දවසෙම මම කිව්ව හිරේ යන්නත් පුරුදු වෙන්න කියලා.” කියමින් මහින්ද පවසන විට නාමල් කීවේ “මට මතකයි දැන් මෙයාලා අපට මාංචු දාන්නයි යන්නෙ. මම යන්නම් ප්‍රශ්නයක් නැහැ තාත්තෙ.” කියායි. අනතුරුව දුරකතනය විසන්ධි කළේය.

රාත්‍රි 10.00ට පමණ රිමාන්ඩ් කිරීමේ මහේස්ත්‍රාත් නියෝග ලබාගත් පොලීසිය නාමල්ලා බන්ධනාගාර බස් රථයකින් තංගල්ල සිරගෙදරට ගෙන ගියහ. ඒ යන අතරමග සෙනඟ රැස්ව සිටි අතර ස්ථාන දෙකක පමණ ටයර් පුළුස්සා මහා මාර්ගය අවහිර කර තිබිණි. පොලිස් විශේෂ කාර්ය බලකාය මාර්ග ශුද්ධ කොට බන්ධනාගාර රථවලට ගමන් පහසුව සැලැසීය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.