නාමල්නීතීඥය තනතුරට සුදුසු නැත-අගවිනිනිසුරුට පෙත්සමක්

thusnmn

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ නම නීතිවේදීන් ගේ නම් ලැයිස්තුවෙන් ඉවත් කරන්නැයි හිටපු නීතී සිසුවෙක් වන තුෂාර ජයරත්න අගවිනිසුරුගෙන් ඉල්ලා සිටී.

දැනට ස්විසර්ලන්තයේ දේශපාලන රැකවරණ මත ජීවත්වන  තුෂාර ජයරත්න ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසයි.

ද ශ්‍රී ලංකා නීති විද්‍යාලයීය අවසන් වසර විභාගයේ දී නාමල් රාජපක්ෂ විභාග අපේක්ෂකයාට විශේෂ සැළකිලි දැක්වීමෙන් තමන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින්, එම විභාගයේ ම අපේක්ෂකයෙක් වූ දහනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න විසින්ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම  විභාගයට ගත් නමුත් ඔහුට සාධාරණයක් ඉටු නොවුනි.

 

images law

මෙම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලකට යොමු කරන ලෙස ශිරාණි තිලකවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය අධිකරණයට දැන් වූවා ය.

මෙම විභාගය පැවැත් ළුීමේ දී සමානයන්ට සමාන ලෙස සැළකීමේ මූලික නීතිය නාමල් රාජපක්ෂ නිසා උල්ලංඝනය වූ බවට, තුෂාර ජයරත්න චෝදනා කර සිටී. එම විභාගයේ දී නාමල් රාජපක්ෂ වෙනුවෙන් වායු සමනය කළ විශේෂ කාමරයක් සපයා එයට අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක පහසුකම ද ලබා දී තිබුණි.

තුෂාර ජයරත්න නීති සිසුවා ගේ පෙත්සමෙන් සංස්ථාපිත නීති අධ්‍යයන ආයතනයේ ප්‍රධානී වශයෙන් අග්‍ර විනිශ්චයකාරවරයා, නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ එම විභා‍ගයේම අපේක්ෂකයෙක් වූ නාමල් රාජපක්ෂ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය මේ සිද්ධියේදී  සාධාරණය ඉටු කිරීමට අසමත්වූ බවට මතයක් පල වී තිබේ

 

 

 

 

 

 

[vsw id=”/pC7IbDzUzDQ” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.