නාමල් ඔර්ලෝසු ලෝලියෙකි

namal-fix

කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් (CSN) රූපවාහිනී නාලිකාව සහ සිංහ එෆ්.එම්. රේඩියෝ නාලිකාව අයත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පළදින මිල අධික අත් ඔරලෝසු 13ක් පිළිබඳව තොරතුරු අන්තර්ජාල වෙබ් අඩවිවලින් හෙළි කර තිබේ.

මෙම අත් ඔරලෝසුවක වටිනාකම රුපියල් ලක්ෂ 59ක් පමණ වන බවද අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ අදාළ නිරීක්ෂකයන් විසින් සොයා ගෙන තිබේ. මේ අනුව ඔරලෝසු 13 වටිනා කම රුපියල් හත් කෝටි හැටහත් ලක්ෂයක් (රු. 76,700,000) පමණ වේ. මන්ත්‍රීවරයකු වශයෙන් රුපියල් 50,000ක වැටුපක් ලබා ගනිමින් මෙතරම් ධනස්කන්ධයක් හිමි කරගෙන ඇත්තේ කෙසේ දැයි බරපතල ප්‍රශ්නයක්ව පවතී.

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය වකවානුවේ දිගින් දිගටම හෙළි කරමින් සිටියේ රාජපක්ෂ පවුල විසින් මහජන ධනය විශාල වශයෙන් කොල්ලකා ඇති බවය. ඒ බව තහවුරු කිරීමට CSN නාලිකාව සහ සිංහ එෆ්.එම්. රේඩියෝ නාලිකාවද ප්‍රබල නිදර්ශනයක් කොට ගත්තේය. හිටපු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ සුපිරි බල්ලන් 43දෙනෙකු ඇති කරමින් සිටි බව අනාවරණය කර තිබිණ. එමෙන්ම ශිරන්ති රාජපක්ෂ මහත්මිය ව්‍යාජ ජාතික හැදුනුම්පත් ලබා දී බැංකු ගිණුම් පවා පවත්වාගෙන ගොස් තිබේ. මහින්ද රාජපක්ෂ පවුලේ උදවිය පරිහරණය කරන ලද සුපිරි ජීවිතය පිළිබඳව තොරතුරු හෙළිවෙමින් තිබෙන අතර ඔවුන්ගේ වත්කම් ප්‍රමාණය ඉතා විශාල වශයෙන් තවමත් සැඟවී ඇති බව මේ අනුව තහවුරු වේ. lanka truth

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.