නාමල් ගැන මධු මාධව කීවේ බොරුවක්

 

 

 

 

නාමල් උඩුගම මහතාට ප්‍රතිකාර සඳහා මුදල් අවශ්‍ය බවට සිය සංගමය ජනාධිපතිවරයා දැනුවත් කළ විට ඔහු වෙනුවෙන් රු. 10,000ක් ලබා දීමට හැකි බවත් ඒ සඳහා නාමල් උඩුගම මහතාගේ වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට තමන්ට පැවසූ බවත් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගායන ශිල්පී මධුමාධව අරවින්ද කළ ප්‍රකාශය පදනම් විරහිත බව ජනාධිපති මාධ්‍ය අංශය දන්වා සිටියි.

පසුගිය 06 වනදා මහනුවර පැවති “මහින්ද සමග රට දිනවමු” රැලියේ කතාවක් සිදුකළ මධුමාධව කියා සිටියේ ජනාධිපතිවරයා විසින් රුපියල් 15,000 ක් ලබාදීමට එකඟ වූ බවය. නමුත් පසුගිය 24 වනදා අභයාරාම විහාරස්ථානයේ පැවති හිටපු ජනපතිවරයා සහ කලාකරුවන් අතර පැවති හමුවේදී මධුමාධව විසින් කියා සිටියේ, වත්මන් ජනපතිවරයා රුපියල් 10,000 ක් ලබාදීමට පමණක් එකඟ වුවත් හිටපු ජනපතිවරයා ලක්ෂයක් මුදලක් පරිත්‍යාග කළ බවයි.

නමුත් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ජනාධිපති මාධ්‍ය අංශය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ අනුමැතිය යටතේ ගායන ශිල්පී නාමල් උඩුගම මහතාට ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාදුන් බව අවධාරණය කර සිටියි.

[vsw id=”/UELpzXl6rrI” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබන නාමල් උඩුගම මහතා‍ වෙනුවෙන් රුපියල් මිලියනයක් වූ අනුමැතිය සහිත ලිපිය මාර්තු 06 වන දා ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ෆැක්ස් මගින් යවා එහි පිටපතක් ඔහුගේ භාර්යාවට ද යැවූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

අක්මාවේ රෝගී තත්වයක් ඇති පුද්ගලයෙකුට ජනාධිපති අරමුදල මගින් සාමාන්‍යයෙන් පිරිනැමෙන්නේ ලක්ෂ 04 ක මුදලක් වුවත් ජනාධිපතිවරයාගේ විශේෂ අනුග්‍රහය යටතේ රුපියල් මිලියනයක් ආධාරයක් නාමල් උඩුගම මහතාට පරිත්‍යාග කලේ හෙතෙම කලාකරුවෙකු ලෙස විශේෂ කොට සැලකීම නිසාවෙන් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!