නාමල් තංගල්ලේ රිමාන්ඩ් කුඩුවේ

namalඅධිකරණ නියෝග උල්ලංඝගණය කරමින් හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා විරෝධතාවේ නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනා ලබන (16) රිමාන්ඩ් කරන්නැයි හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (10) රාත්‍රී නියෝග කළේය.

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන මේජර් අජිත් ප්‍රසන්න එලෙස රිමාන්ඩ් කර සෙසු පස් දෙනාය.

පොලිසියේ දැනුම් දීම මත ඔවුන් සිය නීතිඥවරුන් සමඟ ඊයේ (10) පස්වරුවේ හම්බන්තොට පොලිසියට පැමි‍ණීමෙන් පසු අත් අඩංගුවට ගෙන රාත්‍රී 10ට පමණ මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කැරිණි.

අධිකරණ නියෝග කඩ කිරීම, කලහ කාරී ලෙස හැසිරීම, පොදු දේපළවලට අලභ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහරදීම සහ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ මොවුන් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගණසේකර මහතා පැවසීය.

මෙම විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් කාන්තාවෝ හත් දෙනෙක් ඇතුළු 28 දෙනෙක් ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

පැමිණිල්ල වෙනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර, හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී සනත් අමසරසිංහ සහ හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ශ්‍රියන්ත අබේසිංහ මහතා ඇතුළු පිරිසක් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතීඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ඇතුළු නීතිඥවරු 15ක් පමණ පෙනී සිටියහ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.