නාමල්-සජිත් වාග් ප්‍රහාර

SAJA

මාස පහමාරක් තුළ කර ඇති වැඩ ප්‍රමාණය වසර නමය හමාරක පාලන කාලය සමඟ සංසන්දනය කිරීම තුළින් පෙනී යන්නේ නාමල් රාජපක්‍ෂ හිටපු මන්ත්‍රීවරයා තවම පරිනත වී නැති බව පමණක් යැයි සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පවසයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පසුගිය මාස හය ඇතුළත හම්බන්තොට පලාතට කළ එක වැඩක් පෙන්වන ලෙස නාමල් රාජපක්ෂ අභියෝග කර තිබුණි.

“හදපු එක පාරක්, ගොඩනැගිල්ලක්, බෝක්කුවක් පෙන්වන්න කියන්න.” හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  අභියෝගය එල්ල කළේය.

පිළිතුරු

‘මං හිතන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමාගේ දේශපාලන බොලඳ තාවය එතැනින්ම මතු වෙනවා. වසර නමය හමාරක ජනාධිපති සේවා කාලයත් මාස පහමාරක රජයක සේවා කාලයත් සංසන්දනය කිරීමෙන්ම පෙනෙනවා ඔහුට ඉගෙන බොහෝ දේවල් තියෙන බව. එතුමා තවම දේශපාලන වශයෙන් තෙම්පරාදු වෙලා නැහැ. ජනතාවගේ බඩට කටට දැනෙන සංවර්ධනයක් අපි මේ මාස හය තුළ ආරම්භ කරලා තියෙනවා.’ සජිත් ප්‍රේමදාස එම අභියෝගයට පිළිතුරු බැන්දේය.

 

 

 

කෙසේ වෙතත් මෙවර හම්බන්තොට ජය හිමි වන්නේ එජාපයට බව ඔහු කියා සිටී.

වරාය සහ ගුවන් තොටු පොල දියුණු කිරීමට වැඩපිළිවෙළක් තිබුණ බව හම්බන්තොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

එම වැඩපිළිවෙළ වසර පහක් ක්‍රියාත්මකව තිබුණේ නම් අනිවාර්යයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය ආසියාවේ වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙන බව ඔහු පැවසුවේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා පසුගිය මාස හය ඇතුළත හම්බන්තොට පලාතට කළ එක වැඩක් පෙන්වන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

“හදපු එක පාරක්, ගොඩනැගිල්ලක්, බෝක්කුවක් පෙන්වන්න කියන්න, ” හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  සාච්කඡාවකට සහභාගි වෙමින් අභියෝග  කළේය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.