නාම යෝජනා කථාවෙන්-නන්නත්තාර පිළ කැළඹේ

 

 

 

jig

 

19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධන වලට එරෙහිවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට නාමයෝජනා ලබා නොදීමට තීරණය කිරීමෙන් අනතුරුව 64 දෙනාගේ පිළ ක්‍රමයෙන්

දියවීමට පටන් ගෙන් ඇත.

මහින්ද රාජපක්ෂ සමග සංහිඳියාවක් ගොඩ නැගීම සඳහා  පී.බී ඒකනායක  සහ කුමාර වෙල්ගම මන්ත්‍රීවරුන්  මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇත.

එහිදී මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණයට තරඟ කිරීමට ඉඩ  දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ අවස්ථාවේදී ‘එයාට තරඟ කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා කවුද කියන්නේ

යනුවෙන් විමසා ඇත’.

හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය නම් තරඟ  කල හැකි බව ජනධිපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට  එරෙහිව තිබෙන චෝදනා හේතුවෙන් ඔහුව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ හැකියාවක් නොමැති  බව  ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට දැන්වූ පසු ඔවුන් නිරුත්තර වී ඇත.

දැනට පවතින තත්වය අනුව 19 වෙනි සංශෝධනයට විපක්ෂව ඡන්දය දෙනු ඇත්තේ මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ලබා ගත නොහැකි මන්ත්‍රීවරුන් කීප දෙනෙක් පමණි.

 

තවත් මෙහෙයුමක්

 

මෛත්‍රීගේ තීරණයට කම්පා වී විමලවීර සංවිධායක ධූරය අතහරී!

 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර දිස්ත්‍රීක් සංවිධායක ධුරයෙන් ඉවත්වන බව නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් තමන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනූව තමන් සිය  ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මූලස්ථානයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද ඒ  මහතා කියයි.

මෙවැනි සිද්ධීන් නිසා පක්ෂය සහ පාක්ෂිකයින් පීඩාවට පත් වීම හේතුවෙන් තමන් කම්පාවට පත්වී සිටින බව අම්පාරේදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් හෙතෙම පැවසීය.

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.