නාම යෝජනා ගැන කෙරෙන යෝජනා මට අදාළ නැහැ-මැකො

 

Mahinda-Deshapriya1

නාමයෝජනා ලබා දීමේදී දේශපාලන පක්ෂ අවධානය යොමු කළ යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් අද කොළඹදී එළි දැක්විය.

පැෆ්රල් සංවිධානය විසින් එය සංවිධානය කරනු ලැබිණි.

මාර්තු 12 ප්‍රකාශය නමින් පැෆ්රල් සංවිධානය ඉදිරිපත් කළ යෝජනාවළියට මූලික කරුණු  3 ක් ඇතුළත් ය.

ඉන් ඉල්ලා තිබෙන්නේ අපරාධ වරදකට දඬුවම් ලැබූවෙකු නොවීම , මත්ද්‍රව්‍ය වැනි හානිකර ව්‍යාපාරවල නිරත නොවන අයෙකුවීම, දේශපාලන බලය අනිසි ලෙස භාවිත නොකළ අයෙකුවීම, කාන්තා හා තරුණ නියෝජනය ප්‍රමාණවත් පරිදි ඇති කිරීම වැනි කරුණු නාමයෝජනා ලබාදීමේදී සළකා බලන ලෙසයි.

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ පක්ෂ රැසක නායකයින් එම ප්‍රකාශයට අත්සන් කළහ.

අනතුරුව එය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පිළිගන්වනු ලැබිණි.

එහිදී මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ පැවසීය.

මට මේකේ වලංගුතාවයක් නෑ හැබැයි. අපට වලංගුතාවය එන්නනම් පනතකට හරි ව්‍යවස්ථාවකට හරි දාන්න ඕනේ

 

යෝජනාවලියේ පහත ප‍්‍රධාන කරුණු ඇතුළත්ව පවතී.

  1. අපරාධ වරදක් සදහා නීතියෙන් වරදකරුවෙකු වූ අත්හිටවූ සිරදඩුවමට ලක්වූ අයෙකු නොවිය යුතුයි.
  2. අල්ලස් හෝ දූෂණ පිළිබද වරදකරුවෙකු නොවූ චරිතවත් සහ සමාජය පිළිගත් අයෙකු විය යුතු අතර අල්ලස් හෝ දූෂණ පිළිබද චෝදනා ලැබූ අය ගැන සැලකිලිමත් විය යුතුයි.
  3. මධ්‍යසාර සහ මත් ද්‍රව්‍ය, සූදු, කැසිනෝ, ගණිකා මඩම් ඇතුළු නීති විරෝධී හෝ රටේ යහපැවැත්මට හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අතීතයේ එසේ කළ අයෙකි නොවිය යුතුයි.
  4. දේශපාලනික බලය අනිසි ලෙස භාවිතා නොකළ අයෙකු විය යුතුයි.
  5. ජීවආධාරක ව්‍යූහය විනාශ කරන පාරිසරික වශයෙන් හානිදායක වන ව්‍යාපාර වල යෙදෙන අයෙකු නොවිය යුතුයි.
  6. මහජන නියෝජිතයෙකු වන්නට පෙර රජය සමග අගතිගාමී මූල්‍යමය ගිවිසුම් ඇති කරගත් සහ මහජන නියෝජිතයෙකු ලෙස සිටිමින් රජය සමග මූල්‍යමය ගිවිසුම් ඇතිකරගත් හෝ ගිවිසුමක පාර්ශවකරුවෙකු නොවන්නෙක් වීම.
  7. නාම යෝජනා දීමේදී අපේක්ෂකයා අදාළ ප‍්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු දීර්ඝ කාලීන පදිංචිකරුවෙකු වීම හෝ ප‍්‍රදේශයේ පදිංචිවීමට එකගතාවයක් තිබිය යුතුයි.
  8. නාම යෝජනා දීමේදී කාන්තා සහ තරුණ කොටස් සදහා යම් ප‍්‍රමාණවත් ඉඩක් ලබාදීමට ක‍්‍රියා කළ යුතුයි.

 

 

 

 

 

 

[vsw id=”/uohWMagBuaU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

nomination criteria would be relavent to election commissioner  only if it comes as a bill

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.