නාරාහේන්පිට ගුවන් යානය කාගේද?

 

2337

කොළඹ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවකින් කුඩා ගුවන්යානයක් සොයාගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාපවසන පරිදි රත්මලානේ ආයතනකින් එම යානය රැගෙන යාමට පැමිණි බවට හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව එය සොයා ගෙන ඇත.

දෙදෙනකුට ගමන් කළ හැකි එම යානය අබලන් තත්ත්වයේ පැවති බවත් අජිත් රෝහණ පැවසීය.

 

2336

 

එම ගබඩාවේ  නෙට්වක් සතු වාහනයක් සහ භාහිර විකාශන පහසුකම් සලසන උපකරණ ද තිබිණි

චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රම්රත්නම් ඉදිරිපත් වෙයි

යානය යෝෂිතට දුන් බව චිත්‍රපට අධ්‍යක්ෂ කියයි

නාරාහේන්පිටින් සොයා ගත් සැහැල්ලු ගුවන් යානය තමාගේ බව චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රම් රත්නම් මහතා කියයි.

ශ්‍රී ලංකාවේදී සාදන ලද එම යානය දෙවරක් පමණ පියාසර කර තමා ළඟ තිබූ බවත්, හිටපු ජනපතිගේ පුත් යෝෂිත රාජපක්ෂ තමාගෙන් එය ඉල්ලා ගත් බවත් ඔහු කියයි.

එම යානය පියාසර කළ හැකි තත්ත්වයේ නැති බව ද රත්නම් මහතා පවසයි.

සිවිල් ගුවන් සේවා ආරංචි පවසනුයේ ශ්‍රී ලංකාවේ සියලු යානා එම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවයි.

එහෙත් මෙම යානය එහි ලියාපදිංචි කර ඇත්දැයි ක්ෂණිකවම දැන ගත නොහැකි විය. ලියාපදිංචි නොකළ යානා ගුවනට නැංවීම තහනම්ය.

මෙවැනි යානා කොටි සංවිධානය සතුව පැවැති බවත්, ඔවුන් බෝම්බ දැමීමට පැමිණියේ එවැනි යානාවලින් බවත් ගුවන් යානා ගැන දන්නා අය කියති.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.