නැකත් කරුවන් රූපවාහිනියෙන් දොට්ට -පරණ වැඩ සටහනක් බලමු

 

රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත් වූ සෝමරත්න දිසානායක මහතා කියා සිටියේ ජාතික රූපවාහිනියේ මින් ඉදිරියට ජෝතිෂ්‍ය සම්බන්ධ කිසිදු දෙයක් විකාශ කිරීමෙන් වලකින බවයි.

 

වැඩි දුරටත් අදහස දැක්වූ ඒ මහතා කියා සිටියේ මෙවැන්නකි.
“මම ක්ෂණිකව නවත්තපු දෙයක් තියෙනවා..ජෝතිෂ්‍ය වැඩසටහන්…මම හිතනවා ජෝතිෂ්‍ය වගේ දේවල් ප්‍රධාන නාලිකා වලින් රටට අතවශ්‍ය දෙයක් මෙන් කරගෙන යාම බොහෝ දේ වලට අහිතකරයි කියලා..ඒ නිසා ජෝතිෂ්‍ය වැඩසටහන්, අනාවැකි කියන වැඩසටහන් අපි රූපවාහිනියෙන් නැවැත්තුවා..ජෝතිෂ්‍ය කියන ය ඇත්ත කියන්නේ නෑ කියලත් සනාත වෙලා ඉවරයි..සමහර වෙඩි තියාගන්නවා කියන ය තාම ජීවත් වෙනවා..ඒක අපිට ප්‍රශ්නයක්..සමහර ය කියනවා මරණ බය හින්ද එහෙම කියන්න උනා කියලා..ඒකත් ප්‍රශනයක්..අනිත් එක තමයි උදේ පාන්දර ඇවිල්ල ජෝතිෂ්‍යවේදියෙක් කියනවා උදේ පාන්දර 11 වෙනකන් රාහු කාලය ගෙදරින් පිට වෙන්න හොඳ නැහැ කියලා..කොහමද වැඩට යන්නේ කවුරුවත්? හැම කන්තොරුවක්ම වැඩ පටන් ගන්න ඕන 11 පහු වෙලා..”

මැතිවරණ ප්‍රචාරණය  තුල  ජනමතය ගසාකෑම සඳහා සංවිධානත්මකව   ජෝතිෂ්‍ය වැඩසටහන් භාවිතා කල ආකාරය  දැනගැනීමට ස්වාධීන රුපවාහිනී වැඩසටහන්  සේවාව

ඉදිරිපත් කලා මේ  වැඩසටහන  නැරඹීම වැදගත්ය.

 වැරදුන අනාවැකි

මේ වැඩසටහනට  අනුව 2026 වනතෙක්ම ජනාධිපති වරයා වන්නේ මහින්ද රාජපක්ෂයි. මේ සියළු නැකත්කරුවන් මහින්ද  ගෙන් විවිධ වරප්‍රසාද ලැබූ යයි. ඔවුන් ගේ ජාවාරම් ගැන සෙවීම කාලීන අවශ්‍යතාවකි.

 

 

 

raaathu vbcchch

වැඩසටහන  මෙතැනින්

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.