නැගණියට ඉඩදී නික්ම ගිය බිලිඳිය

 

 

5007-karapitiya-hospital-operation270739341 (1)

 

මේ බිලිඳු නිවුන් දැරියන් වෙන් කිරීමේදී එක් දැරියක ගේ ජීවිත අවදානමක තිබෙන බව දෙමාපියන් මෙන්ම වෛද්‍යවරු දන සිටියහ.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ පළමු වතාවට දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමක් ඊයේ (19) සිදු විය.

මාර්තු මස 11 වැනි දින මෙම දෙබිඩි දරුවන් ගාල්ල මහමෝදර රෝහ‍ලේ දී උපත ලැබුවේ අක්මීමන කුරුඳුවත්ත චීන මිත්‍රත්ව ගම්මානයේ පදිංචි ආශා දමයන්ති නමැති මවට දාවය. මෙම දෙබඩි දරුවෝ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ශල්‍යකර්මයට භාජනය කරන තෙක් ප්‍රතිකාර ලැබූහ.

සැත්කම පුරා පැය හයක් තිස්සේ සිදු විය. ඉන් දරු දෙදෙනා ඉවත්කොට ඇති අතර එක්දරුවකු පමණක් ජීවත් කිරීමට හැකි විය. අනෙක් දරුවා හෙමින් සීරුවේ නික්ම ගියාය. සැත්කම කිරීමට පෙරම එක්දරුවකු ජීවත් කරවීම අපහසු බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ. දැනට ජීවත්ව සිටින දරුවා යන්ත්‍රයක ආධාරයෙන් ආශ්වාස ප්‍රශ්වාස කටයුතු කරන අතර, එම දරුවා ජීවත් කළ හැකි බවට ශල්‍ය වෛද්‍යවරු විශ්වාසය පළ කරති. මෙම දරුවාගේ සිරුරේ තිබූ අසාමාන්‍ය තත්ත්වයන් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවද, සැත්කමට එක් වූ ශල්‍ය වෛද්‍යවරු පවසති. එම දරුවාගේ බඩවැල්වල, අක්මාවේ, නහරවල හා සුෂුම්නාවේ සැත්කම් සාර්ථකව සිදුකර ඇත.

මෙම සැත්කම පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා කියා සිටියේ සැත්කම සාර්ථක වේ යැයි බලා‍පොරොත්තු වෙන බවත්, දරුවාගේ ජීවිතය පිළිබඳව පැය 48 ක කාලයක් අධ්‍යයනය කරන බවය. සැත්කමින් වෙන් කෙරුණු තිවංකි දෙව්මිණි නමැති දැරිය ළමා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මෙම දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමට විශේෂ ශල්‍ය වෛද්‍යවරුන් වන එස්. කස්තුරි, රංජුක උබේසිරි, සතිස් විජයමාන්න, උමාපති පුෂ්පකුමාර යන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් හා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාච්චි, නිර්වින්දන වෛද්‍යවරුන් වන කේසරී හා කුරේ යන වෛද්‍ය කණ්ඩායමද සහභාගි වූහ.

 

[vsw id=”/1MMX7XTS5Nc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.