නැදුන්ගමුවේ ඇත් රජු මෙවර පෙරහැරට නැහැ

nadungamuwe-rajaමහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරේ පෙරහැර කරඩුව වැඩම කරවීමට සුදුසුකම් ලැබ සිටි නැදුම්ගමුවේ රාජා සහ වාසනා ඇතු මෙවර සහභාගී නොවන බව ශ්‍රී දළදා මාලිගාව සදහන් කරයි. නැදුන්ගමුවේ ඇත් රජු තරමක් අසනීප තත්ත්වයෙන් පසුවේ.

බුදුන් උපන් දේශයේ උපත ලද රාජා වසර 60 කට පමණ ඉහතදී මෙරටට නැව් මගින් පැමිණ ඇත්තේ වසර පහක් තරම්වූ කුඩා ඇත් පැටවකු ලෙසිනි. නැඳුන්ගමුවේ රාජා සමඟ ඉන්දියාවේ සිට පැමිණ එකම දින ලක්දිවට ගොඩබට නවම්රාජා දැන් මෙළොව හැරගොසිනි. ලොවපුරා වෙසෙන බෞද්ධයින් ජීවමාන බුදුන් ලෙස සලකා වැඳුම් පිදුම් කරන වාම ශ්‍රී දංෂ්ඨා ධාතූන් වහන්සේ උදෙසා පූජෝපහාරයක් ලෙස පවත්වන මහනුවර ඇසළ මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩමවීමට බුදුන් උපන් දේශයේ සිට පැමිණි රාජාට අවස්ථාව හිමිවීම බෞද්ධයින් විශ්වාස කරන්නාවූ පව්පින් දෙක මතම තීරණය වූවක් වැන්න.

මහනුවර ඇසළ පෙරහරට නැදුන්ගමුවේ රාජා මුලින්ම සම්බන්ධ වන්නේ වසර 2005 දීය. ඒ වත්මන් දියවඩන නිළමේ ප්‍රදීල් නිලංග දෑල මහතා එම ධූරයට පත්වීමෙන් පසු කරන ලද විශේෂ ඉල්ලීමකට අනුවය. එතෙක් කිසිදු දිනක මහනුවර පෙරහරට පැමිණ නොතිබුණු රාජාට 2005 වසරේදී කිලෝමීටර 90 ක් දුරක් ගෙවා මහනුවරට පැමිණියත් දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීමේ භාග්‍යය අහිමිවිය. එවර රාජාට සිදුවූයේ එම අවස්ථාව ඉන්දිරාජාටත් කතරගම වාසනාටත්,මිල්ලන්ගොඩ ඇතාටත් බාරදී පෙරහරේ පෙරමුණේ ගමන්කරන්නටය.

“මහනුවර දළදා පෙරහැරේ කරඬුව වැඩමකරවූ දළදා මාලිගාවේ රාජා මියගියාට පස්සේ එකදිගට කරඬුව වැඩමවන්න හොඳ ඇතෙක් හිටියේ නැහැ. රාජා වසර පනහක් විතරම ඒ වැඩේ හොඳට කළා. අපේ නඳුන්ගමුවේ රාජා දැනට ලංකාවේ ඉන්න උසම දළ ඇතා. එයාගේ ඇඟපත අනෙක් අලින්ට වඩා ලොකුයි. මාලිගාවේ කරඬුව වැඩමවන ඇතාගේ පිටේ රන්සිවිගෙය තියන්න කලින් හම්වලින් හදපු අඟල් පහක් විතර පළල පටි බඩවටේට දානවා. මාලිගාවේ තිබ්බේ මැරුණු රාජාට දාපු පටි. අපේ ඇතාගේ ඇඟ මහත නිසා ඒපටි එයාට හරිගියේ නැහැ. පෙරහර පටන්ගෙන නිසා අලුතින් පටි හදවන්න කාලයක් තිබ්බෙත් නැහැ. ඒනිසා පළවෙනි පාර අපේ ඇතාට කරඬුව වැඩමකරන්නේ නැතුව පෙරමුණේ යන්න වුණා. පස්සේ අවුරුද්දේ අලුතින්ම ඒ බඳපටි හැදෙව්වා….” නැඳුන්ගමුවේ රාජාගේ හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා ඇතුගේ පළමු පෙරහර ගමන පිළිබඳව එසේ සිහිපත් කළේය.

ඇතුන් පස් දෙනෙක්

වාසනා ඇතු මේ වන විට කතරගම මහ දේවාලයේ පෙරහැරට සහභාගී වී සිටියි.

එනමුත් පෙරහැර කරඩුව වැඩම කරවීම සදහා සුදුසුකම් සහිත ඇතුන් පස් දෙනෙකු මේ වන විට ශ්‍රී දළදා මාලිගාව සතු යැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය.

ඉන්දිරාජා ඇත් රජු ප්‍රධානව සිංහරාජා, බුරුමරාජා,මියන්රාජා, මිල්ලන්ගොඩ පොඩි ඇතු යන ඇතුන් පස් දෙනා පෙරහැර කරඩුව වැඩම කරවීම සදහා මෙවර සූදානම් කර ඇතැයි ද දියවඩන නිලමේවරයා කීවේය.

එමෙන්ම මියන්මාරය මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඇත් පැටවෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන මස 05 වන දින ශ්‍රී දළදා මාලිගාව වෙත ප්‍රදානය කරන බව ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.