නෑම දඩ කා හැකි වරදකි

tissa-wewaතහනම නොතකා තිසාවැවේ ස්නානය කළ බවට වරද පිළිගත් පුද්ගලයකුට මුදලින් රුපියල් 10000ක දඩයක් නියම කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (30) නියෝග කළේය.

තිසාවැවේ දිය නෑම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබියදි එය නොතකා තිසාවැවේ දිය නෑ බවට ඔහු සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර ඔහු එම චෝදනාවට වරද පිලිගත්තේය.

අනුරාධපුර තිසාවැවේ දිය නෑම නිසා එහි ජලය අපවිත‍්‍ර වන බවට තිසැවැව සුරැකීමේ සංවිධානය මීට පෙර අධිකරණයට ප‍්‍රකාශ කළ අතර අනුරාධපුර ජය ශ‍්‍රි මහ බෝ සමිදුන් දෝවනයට පැන් රැගෙන යන්නේ අනුරාධපුර තිසැ වැවෙන් බවටද අධිකරණයේදී කියැවිණි.

එහෙත් අනුරාධපුර වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් ජනතාව දහස් ගණනක් තිසාවැවෙන් දියනෑම නිසා එහි ජලය අපවිත‍්‍ර වන බවද එම සංවිධානය අධිකරණයට පැවසීය.එම කරුණු සැලකිල්ලට ගනිමින් තිසාවැවේ දියනෑම මීට පෙර සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.