නික්ම යන ශිරාණි ශ්‍රිපවන්ට සුභ පතයි

shiranibb

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සේවයෙන් විශ්‍රාම ගැනීම හැගීම් බර මොහතක් විය.

ඇය කියා සිටීයේ තමන් දැවැන්ත පීඩනයකින් නිදහස් වූ බවයි.

‘පසුගිය වසර දෙකේ පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කළා. බරපතල වැඩ සහිතව හිරේ ගියා වගේ පීඩනයකින් හිටියේ. දැන් ඒ කාලය නිමා වුණා. සාධාරණය ඉෂ්ඨ වුණා.මුළ සිටම අප සමඟ සිටි, අපට වූ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ‘ යැයි ද ඇය කියා සිටියාය.

නව අගවිනිසුරු ලෙස පත්වීමට නියමිත කේ ශ්‍රීපවන් මහතාට ඇය  සුබ පතද්දී ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරු රැසක් ද, නීතීඥවරු ද  ඇය හා  එක්වූහ‘

සිය සමුගැනීමේ  නිල උත්සවයෙන් පසුව එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් හැ අය ඉතා සුහදව කතා කළාය. ‘මට කවදාවත් මධ්‍ය  අමතක කරන්න බෑ.මම කරදර ගොඩකට මුහුණ දුන්නා.ඒ හැම අවස්ථාවකදීම මාධ්‍යවේදීන් මා එක්ක හිටියා.මම කනගාටු වෙනවා ඕගොල්ලෝ එක එක්කෙනාට  පෞද්ගලිකව ස්තූති කරන්න  අවස්ථාවක් නොලැබීම ගැන.ඒත් මට දුන්න සහයෝගය මම හැමදාම මතකයේ තියාගන්නවා. ඔයාලාට  ගොඩක්ම ස්තූතියි.‘මාධ්‍යවේදීන් සමඟ සමූහ ඡායාරූපයක් ගැනීමටද  ඈ අමතක නොකළාය.

 

‘මා වසර දෙකක් මේ අරගලය ගෙනිච්චේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්’ යැයි අය කියා සිටියාය.එය සත්‍යයකි මන්දයත් පෙර පැවති පරිපාලනය ඇයට ඉල්ලා අස්වෙන්නට බලපෑම් කරන විට ඇය එසේ කලා නම් බොහෝ දුක් ගැහැටින් ඇයට බේරෙන්නට ඉඩ තිබින. අනෙක් අතට අය පමණට වඩා රාජපක්ෂ වරුන්ට ලං නොවුවා නම් ඇයට මේ උගුලෙන් සහමුලින්ම ගලවෙනටත් ඉඩ තිබින.

උපුල් ජයසූරිය

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කීවේ පවතින තත්ත්වය තුළ අගවිනිසුරුවරිය විශ්‍රාම යෑමට තීරණය කිරීම අගය කරන බවයි.මෙය නරක පුර්වාදර්ශයකි.

ඇත්තෙන්ම ඩීල් එකකි.එහෙත් ඇතැම් අවස්ථා වලදී ප්‍රයෝගික වීමට සිදුවේ.

උපුල් ජයසුරිය සමුගැනීමේ කතාවේදී නිවැරදි ලෙසින් ඉතා වැදගත් කරුණක් පෙන්වා දුන්නේය.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට යන මොහොතේ ජනමත විචාරණයක් නොපැවැත්වීම ගැන බණ්ඩාරනායක මහත්මිය ද වග කිව යුතු යැයි ද ඔහු කියා සිටියේය.

ශිරාණි බණ්ඩාරනායක මහත්මියට යම් පමණකින් සාධාරනත්වක් ඉටු වී ඇත.එහෙත් අය දුන් ඇතැම් නඩු තීන්දු වලින් සිදුවූ අකටයුතු නිවැරදි කිරීම සඳහා  දුරක් යා යුතුව ඇත.

එහෙත් ජනතා බලයට බොහෝ දේ කල හැකි බැවින් එම ක්‍රියාවලින්ද ජව ගැන්වෙනු ඇත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.