නිදන් හොරු කොටුවෙති

Nidan Horu

ත‍්‍රිකුණාමලය සමන් මල්ලවආරච්චි
ත‍්‍රිකුණාමලය පුල්මුඬේ යාන්ඔය එලදුමුණේ රක්ෂිතයේ අනවසර කැණීම් කරමින් සිටි පුද්ගලයන් නවදෙනෙකු කැණීම් උපකරණද සමග ඊයේ (12) පුල්මුඬේ විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගනු ලැබිය.

අත් අඩංගුවට ගනු ලැබු පුද්ගලයන් සියලු දෙනා මාතර, අම්බලන්ගොඩ හා තංගල්ල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් මෙම රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුව කැණීම් කරමින් සිට තිබේ. මොවුන් නිධානයක් ගැනීමට කැණීම් සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරනු ලබයි. සැකකරුවන් සියලු දෙනා ත‍්‍රිකුණාමලය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.