නිදහස සමරන්න එඩ්වඩ් කුමාරයා ගෙන්වීම හරියට පියාගේ ඝාතකයා තුන්මාසයේ දානයට ගෙන්වීම වගෙයි – ගම්මන්පිල

udaya gammanpilaබ්‍රිතාන්‍ය රජ පවු‍ලේ සාමාජිකයකු නිදහස් දිනය සැමරීම සඳහා එක්කර ගැනීම පියාගේ ඝාතකයා තුන්මාසයේ දානයට ගෙන්වීම වැනි ක්‍රියාවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසයි.

ඊයේ (01) පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වූ අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා “නිදහස සමරන්න ගෙන්වා ගැනීමට නරකම පිරිස එංගලන්තයේ රජ පවු‍ලේ සාමාජිකයන්. ඒ අය තමයි අපේ නිදහස උදුරා ගත්තේ. නිදහස උදුරා ගත් කෙනාගේ ප්‍රධානත්වයෙන් නිදහස සැමරීම විහිළුවක්.” යනුවෙන් ද ප්‍රකාශ කළේය. පනස් වැනි නිදහස් දින සැමරීමට චාල්ස් කුමරු හට ආරාධනය කිරීම සම්බන්ධයෙන් එවකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් විජමු ලොකුබණ්ඩාර මහතා ප්‍රබල විවේචනයක් කළ බව ද එම ස්ථාවරයට තමන් එකඟ වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.