නිදැල්ලේ මිනී මරන්න දෙන්න බැහැ-වැලිකඩ විරෝධය

වැලිකඩ ඝාතනයේ මිනීමරුවන් නීතිය හමුවට ගෙන එනු! (video/photos)

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු 2012 වසරේ නොවැම්බර් 09 වනදා රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ඝාතනය කිරීම සහ තුවාල කිරීම් සම්බන්ධයෙන් අදාළ අපරාධකරුවන්ට දඩුවම් ලබා දීමට බලකරමින් අද (17) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී විරෝධතාවක් පැවැත්වුණි.

එම විරෝධතාව සදහා මියගිය රැදවියන්ගේ ඥාතීන් ගේ එකමුතුව, පූජ්‍ය පක්ෂය, නීතීඥයන්, ජන මාධ්‍යෙව්දීන්, සිවිල් සංවිධාන නියෝජිතයන්,වෘත්තීය සමිති නියෝජිතයන්, දේශපාලන පක්ෂ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරිකයන්, කලාකරුවන් සහ පුරවැසියන් සහභාගීවූහ.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණ අමාත්‍යවරයා විසින් පත්කර තිබෙන කම්ටුව සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු සහ මියගිය රැදවියන් ගේ ඥාතීන් විසින් තම සමීපතමයන් මරා දැමූ අපරාධකරුවන්ට අධිකරණ ක්‍රියාදාමයක් මගින් දඩුවම් ලබා දීමට බලකිරීමක් මේ තුළින් උද්ඝෝෂකයින් බලාපොරොත්තු වේ.

මේ සිද්ධිය පිළිබඳව ආරම්භ කළ නව පරීක්ෂණය මාස දෙකක් තුල අවසන් කරන බව රජය පවසයි.

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මියගිය සිරකරුවන්ගේ ඥාතීන්ට එම සහතිකය ලබා දුන්නේ ඔවුන් අද (17) වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයකට එක් වෙමින්
welikada 8
රැස්ව සිටි පිරිස

ඝාතනයට ලක්වූ 27 හැවිරිදි සිරකරුවකු වන මලිත් සමීර පෙරේරාගේ මව සංදේශයට අදහස් දක්වමින් පැවසුවේ තමන් ඉල්ලා සිටින්නේ කිසිදු මුල්‍ය වන්දියක් නොව මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා මෙම ඝාතනවලට සම්බන්ධ පිරිසට දඬුවම් ලබා දෙන ලෙස පමණක් බවයි.

මෙම ඝාතන සැලසුම් සහගත ව සිදු වූ එකක් බව තවත් ඝාතනයට ලක් වූ 25 හැවිරිදි සිරකරුවකුගේ මවක් පැවසුවාය.

ඝාතනයට ලක් වූ සිරකරුවකු වන නිර්මල අතපත්තුගේ මව වන එස්.කේ මලානි පැවසුවේ තම පුත්‍රයා අධිකරණයෙන් පවා වැරදිකරුවකු නොකර තිබු අවස්ථාවක ඔහු ඝාතනයට වූ බවයි.

මෙම විරෝධතාවයට එක්ව සිටි මාධ්‍යවේදී කසුන් පුස්සවෙල පැවසුවේ මෙම ඝාතන සිදු වුයේ ලැයිස්තුවකට අනුව සිදු කෙරුන බවයි.

protest at welikada on prison killings

 

welikada 1

 

 

 

welikada 5

welikada 6

welikada 7

welikada 8

welikada 9

welikada 10

welikada 11

welikada 12

welikada 13

welikada 14

 

 

 

ඡායාරූප-නිශාන්ත ප්‍රියදර්ශන

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.