නිමල්ට විමල් ගෙන් ප්‍රහාරයක්

nimal and vimalඅග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ යෝජනාවක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කොට ඇත.

එ සමඟම විමල් වීරවංශ මෙහයවන ලංකා C නිවුස් වෙබ් අඩවිය නිමල් සිරිපාල සිල්වාට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කොට ඇත.

මහින්ද අගමැති පුටුව භාර නොගත්තත් විමල් වීරවංශ ඊට නුසුදුසු නොවන බව ප්‍රචාරය කිරීම මෙහි පසු පුවත විය හැකිය.

එයින් උපුටා ගත් කොටස් කීපයකි මේ.

නින්ද යාමේ තත්වය
නිමල් සිරිපාලද සිල්වා මහතා නව අගමැතිවරයා ලෙස පත්වුවහොත් ඔහුට දීර්ඝ කාලීනව ඇති නින්ද යාමේ තත්වය මගහරවා ගැනීමට ඔහුගේ සමීපතමයන් විසින් උපදෙසක් දී ඇත.

අසුන් ගන්නා සෑම අවස්ථාවකදීම කළු පැහැ අවු කණ්නාඩියක් පැලදීම ලද උපදෙසයි. නමුත් නින්ද යාමත් සමග බෙල්ල පැත්තකට ඇදවීමට ප‍්‍රතිකර්මයක් කීමට ඔවුන් මෙතෙක් සමත් වී නැත.

රාජ්‍ය උත්සව, විශේෂ හමුවීම්, පාර්ලිමේන්තු සැසිවාර ආදී තැන්වල අසුන්ගෙන සිටියදී නිමල් සරිපාලද සිල්වා මහතාට නින්ද යාම ඉතා සුලබ දසුනකි.

ලංකා යතුරු පැදි කරුවන්ගේ සංගමය
ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පල කරන බව සමස්ථ ලංකා යතුරු පැදි කරුවන්ගේ සංගමය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට විරෝධය
රටේ තරුණයන් හා යතුරුපැදිකරුවන්ට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරමින්, තම අමාත්‍යාංශයෙන් ජනතා ප්‍රශ්ණ කිසිවක් නොවිසඳපු, යන යන තැන ඔබ ඉදිරියෙ ද නිදාගනිමින් හා තම පෞද්ගලික ජීවිතය පිළිබඳව සමාජයේ දැඩි විවේචනයට ලක්ව සිටින, දූෂිතයෙක් ලෙස සමාජයේ හැඳිවෙන ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේවන විට මීලඟ අගමැතිවරයා කිරීමට ඔබ සූදානම් බවට සමාජයේ දැඩි කථා බහක් ඇතිව තිබේ. 2018.02.12 දින අප විසින් ඔබවෙත එවා ඇති ලිපියේ ද ඔහුට විරුද්ධව චෝදනා එල්ල කොට තිබේ.

තවද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සංගමය වෙත දැනුම් දී ඇත්තේ යතුරුපැදිකරුවන් විනාශ කිරීමට ගෙන ආ රු. 25,000 දඩය ක්‍රියාත්මක කිරීමට බල කරන්නෙ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා යන්නයි.

මෙලෙස ජනතා විරෝධී හා යහපාලනයේ විනාශයට දායකවූ, අමාත්‍ය දූරයටත් නොසුදුසු ඇමතිවරයෙක් අගමැතිවරයා ලෙස යෝජනා කිරීම හෝ පත්කිරීමට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ මධ්‍යම කමිටුව ඇතුලු සියලුම කමිටුවල දැඩි විරෝධය මින් ප්‍රකාශ කරමු.

මෙයට,
චිරන්ත අමරසිංහ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.