නිමල් උඹත් එහෙනන් නික්ම ගියා

nimal-mendis (1)

හිතවත් නිමල්

අවසන් සුසුම් පොද වාතලයට  එක්වෙන මොහොතේ නුඹට   අප්‍රමාන සැහැලුවකින් ඒ කාර්ය කරන්න පුළුවන් වෙන්න ඇති.

පළමු කොටම ගෙවුණු අසු එක් වසර පරිපුර්ණව ගෙවුණු එකක්.හැම මොහොතම ගෙවුනේ අනුන් වෙනුවෙන්.

දෙවනුව නුඹට පළමුව ජීවිතයට ආයුබෝවන් කියපු රන්ජනී ස්වර්ග ද්වාරය අසලදී හමුවෙන්න ලැබෙන නිසයි.

ලෝකයේ හොඳ මිනිසුන් අඩුවීම කනගාටුවට කරුණක් එහෙත් හොඳ මිනිසුන් තමන්ගේ කාර්ය හමාර කොට නිවී හැන්හිල්ලේ නික්ම ගිය විට ඇතිවන්නේ උපේක්ෂාව මුසු හ්න්ගීම්ක් පමණයි.මන්ද  යත් නුඹ ගියේ අප හැම දෙනාම  යායුතු ගමනක්.එහෙත් මේ තරම් පරිපුර්ණව තමන්ගේ ජීවිතය හමාර කොට ඒ ගමන ය හැක්කේ අත්ලොසකට පමණි.

 

දීර්ග කාලයක් ලන්ඩනයේ විසු නුඹට උපන් බිමේ මියැසි රටාව හසුවුනේ නල රැල්ලට මුසු වන සේ රොන්සුනු සේ.එහෙම නොවුනා නම් උපුල් නුවන්,නිම් හිම් සෙවුවා,ගඟ අද්දර

වගේ ගීත අපට ලැබෙන එකක් නැහැ.

මාස්ටර් -සර් ගීතය නිර්මාණය වූනේ  අපුරු ආකාරයකට එංගලන්තයේ එක්  පාළු රාත්‍රියක ඔබ තනිව ගමන් කරද්දී එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරයකින් අනතුරුව නොර්ටන්බ්‍රිජ් හි කාමර දෙකක පුංචි ගෙදරක් හදා  ගෙන ගොවිතැනට බැස්ස හටි ගැන ඔබ කියා තිබුන මතකයි.

කන්ද උඩරටදී  වතු කම්කරුවන් වතු අධිකාරින්ගේ යකඩ සපත්තුවට පෑගෙන හැටි දැක්ක නුඹේ වෙන තතක් සදිසි නුඹේ හිත සංවේදී වුනා-මාස්ටර් සර් ගීතය නිර්මාණය වුණා.

 

නුඹ කවදාවත් අදුනිකයින්ට පිටුපෑවේ නැහැ.ගෙදරට ආපු කාටවත් කෑම වේල වැරැද්දුවේ නැහැ.

සම්මාන පස්සේ නොගිය නුඹ කරා සම්මාන හොයා ගෙන අවා . 1980 “ගඟ අද්දර “චිත්‍ර පටියට හොඳම සංගීතය වෙනුවෙන් සරසවි සම්මානයද,නිර්මාණශිලි සිනමා සංගීතය සඳහා 1979 “අහසින් පොළොවට“ චිත්‍ර පටිය වෙනුවෙන් O.C.I.C සම්මානය ද,1983 සංගීතයට කල මෙහෙවර වෙනුවෙන් ජනාධිපති සම්මානයද 1997දක්ෂතම සංගීත අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානයද නුම්බ්ට හිමිවුණා.

නුඹේ තනු හදවතට පෙර අපර දෙදිග එක යායකට ගෙනැල්ලා දහසක් මල් විකසිත කලා.

වෙන කියන්න දෙයක් නැහැ-ස්තුතියි නිමල්-සුව නින්දක් -හර්ෂ ධනංජය

ගඟ අද්දර ගීතය පටිගත කිරීමෙන් අනතුරුව සවන්දුන් මුල් මොහොත

10696155_337931776404742_7822793231172725055_n

මාස්ටර් සර් මුල් ගීතය

[vsw id=”/6CGJggppqcw” source=”youtube” width=”325″ height=”344″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.