නිමල් පීරිස් පොලිසියට භාර වෙයි…

Nimal Peiris 04-4මහනුවර හන්තාන ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයක දැරියන් 8 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයකට ලක්කිරීම සම්බන්ධ, මෙතෙක් අපේක්ෂිත ඇප මත සිට ඊයේ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් එම ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්වීමට සිටි   සුප්‍රකට සමාජ සේවක, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරියගේ උපදේශක දේශ ශක්ති සිංහ නිමල් එන් පීරිස් අද උදේ 5.20 ට පොලිසියට භාර වුනේය.

පොලිසිය කීවේ ඔවුන් ඊයේ නිමල් පීරිස්ව අත්අඩංගුවට ගැනීම සදහා අංක185, පේරාදෙණිය පාර, නුවර පිහිටි ඔහුගේ කාර්යාලයටත් අංක149 ජොර්ජ් ද සිල්වා මාවත, නුවර පිහිටි ඔහුගේ නිවසටත් ගියමුත් සැකකරු නොසිටි බැවින් හිස් අතින් පැමිණිමට සිදු වූ බවය.

වාසනාවට නිමල් පීරිස් පොලිසියට භාර වූ බවත් එසේ නොවුනේ නම් ඔහුව සෙවීම සදහා පොලිසියට සෑහෙන කාලයක් ගතවන්නට තිබුණු බවත්  විමර්ශන සිදුවන ආකාරය දෙස මැදහත්ව බලන පොලිස් නිලධාරීහු අප සමග පැවසූහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.