නිමල් සිරිපාලද සිල්වා විපක්ෂ නායක තනතුරට

 

 download (84)

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී, විධායක සභාවේදී හා මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ධුරය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දෙන බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එකඟ වීඇත.

කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී පෙරේදා (14දා) රාත්‍රියේ හිටපු ජනපති සහ නව ජනාධිපති අතර පැවති විශේෂ සාකච්ඡාවේදී  ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බෙදී යැම වැළැක්‌වීම සම්බන්ධවද අදහස්‌ හුවමාරුවී ඇත.

හිටපු ජනාධිපති රාජපක්‍ෂ මහතා දේශපාලයෙන් සමුගෙන  ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අනුශාසකවරයකු ලෙස කටයුතු  කිරීමට කැමැත්ත පල කොට ඇත.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රී කණ්‌ඩායමෙන් තිස්‌දෙනකු විපක්‍ෂයේ සිට කටයුතු කරන අතර නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්‍ෂ නායකවරයා වශයෙන් කටයුතු  කරනු ඇත.

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.