නිර්මාල්ට පහර දුන් අයට එරෙහිව පියවර ගන්න- මාදුළුවාවේ සෝභිත හිමි

downloadsobithaaa

 

යහපාලනයට බාධා කරන ම්ලේච්ඡයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ආණ්‌ඩුවට බල කරන බව සාධාරණ සමාජයක්‌ උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිප.ති මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ එම ව්‍යාපාරයේ සාමාජික විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ආචාර්ය කුමුදු කුසුම් කුමාර යන මහත්වරුන්ට පහරදීමේ සිද්ධියට පසුගියදා විරෝධය පළ කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ (06 දා) පැවැති මාධ්‍ය හමුවේදීය. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඇතුළු සිවිල් සංවිධාන රැසක නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට එක්‌ව සිටියහ.

නිදහස්‌ රටක්‌ වෙනුවෙන් ජනවාරි මස අටවැනිදා ජනතාව එක්‌ වුවද රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස විනාශ කරන හොල්මන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් සිටින බවට හොඳම නිදසුන මේ පහරදීම යෑයිද සෝභිත හිමියෝ කීහ.

මැයි දින රැලිය සංවිධානය කළ කිසිවෙක්‌ මෙම පහරදීම සම්බන්ධයෙන් කනගාටුව පළ නොකළේ ඔවුන් ඊට සම්බන්ධ නිසා විය හැකි යෑයිද සඳහන් කළ උන්වහන්සේ එම රැලියේ අමනුස්‌සයෝ සිටි බව කවුරුත් දැන නොසිටි බවද ප්‍රකාශ කළහ

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.