නිර්මාල් ට පහර දුන් පිරිස් වහාම අත්අඩංගුවට ගත යුතුය

 

nirmal ranjith

ආචාර්ය නිර්මාල් රංජිත් දෙවසිරිට කළ පහරදීම සම්බන්ධයෙන් කිසේවෙකුත් කලබල විය යුතු නැත. නිර්මාල් වැනි පිරිසුදු මිනිසුන් දිවි පරදුවට තබා පත් කල ආණ්ඩුවක් බලයට පත් වී ඇත. නිදහසේ රැස්වීමකට ගොස් කතාවකට සවන්දීමේ  අයිතිය තිබිය යුතුය. එම   අයිතිය සනාථ කරදීමේ වගකීම පැවරෙන්නේ මේ රටේ බහුතර ජනතාව පත් කල ආණ්ඩුවටයි. එහෙයින් පහර දුන් මැරයින් වහාම අත්  අඩංගුවට ගෙන මෙම ම්ලේච්ඡයින් හට රිසි ලෙස හැසිරීමට ඉඩක් නැති බව පෙන්නුම් කළයුතුව ඇත.

 

“තෝ තමයි අපේ මහින්ද මහත්තයාව එළෙව්ව ….. ගේ පුතා“ යි  අමු තිත්ත කුණු හරුපයෙන් බැන වදිමින් මහින්ද රාජපක්ෂ නම් පරාජිත මැදමූලන මෘග චෞරයාගේ ආධාර කරුවන් පිරිසක් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට සහ නම හෙළි කිරීමට අකමැති තවත් ආචාර්ය වරයෙකුට වටකර පහර දී තිබේ.

මේ සිදුවීමෙන් පෙනී යන්නේ මහින්ද රකපක්ෂ වටා පෙළ ගැසී සිටින මැරයින් වෙනත් දේශපාලන මතයක් දැරීමට ඉඩ නොදෙන බවයි.

මෙම ම්ලේච්ඡ පහර දීම සිදුව ඇත්තේ රාජපක්ෂ  ගේ නන්ත්තාර කණ්ඩායම කිරුලපොන දී පවත්වන්නට යෙදුනු මැයි දින රැලිය අතරවාරයේදී ය. පහර කෑමට ලක් වූ ආචාර්ය නිර්මාල් සහ සගයා මේ වන විට කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබති. ප්‍රහාරයෙන්  නිර්මාල්ගේ බෙල්ලට හානි වී ඇත.

ආචාර්ය නිර්මාල් සහ නම හෙළි කිරීමට අකමැති අනෙක් ආචාර්ය වරයා රැලිය නැරඹීමට ගොස් ඇති අතර ඔවුන් සෙනග අතර සිට සාමාන්‍ය පුද්ගලයන් සේ රැළිය නරඹමින් සිටියදී රාජපක්ෂ මෘගයන්ගේ මැරයන් ඒ අසලින් ඔහු දෙස බලමින් ඒ අතටත් මේ අතටත් ගොස් ඇත. එනපොට හොඳ නැති බව දැනගෙන පිටත් වීමට සූදානම් වූ නමුත් ඒ වන විට විමල් වීරවංශ රැලිය අමතමින් සිට ඇති බැවින් ඔහු පවසන්නේ කුමක්දැයි අසා ගැනීම සඳහා මඳක් නතර වී ඇත.

ඒ සමග ආචාර්ය නිර්මාල් වටකර ගත් රාජපක්ෂගේ මැර පිරිස “තෝ තමයි අපේ මහින්ද මහත්තයාව එළෙව්ව ….. ගේ පුතා“  කියමින් පහර පිට පහර දී තිබේ. ආචාර්ය නිර්මාල් බිම වැටුනු පසුවද මැර පිරිස ඔහුට ම්ලේච්ඡ ලෙස පහර දී ඇත. ඔහුව බේරා ගැනීමට ඉදිරිපත් වීම නිසා අනෙක් ආචාර්ය වරයාද පහර කෑමට ලක්ව ඇත.

කෙසේ වෙතත් ඒ අසල සිටි පොලිස් නිලධාරීන් මැදිහත් වී ආචාර්ය නිර්මාල් බේරා ගෙන අසල තිබූ පොලිස් ජීප් රියකට නග්ගවා ගනිද්දී පොලිසියටත් පහර දුන් රාජපක්ෂ මැරයන් පොලිස් ජීප් රියටද පහර දී ඇත. ‘‘ඕකා ඇතුලේ ඉඳිද්දිම ජීප් එකට ගිනි තියපල්ලා“ යයි අයෙක් කෑ ගසා තිබේ. ඒ අතර පොලිසිය තත්ත්වය පාලනය කර ගනිමින් ආචාර්ය වරයා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙසේ පවසයි.

රටේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටපිටාව තුළ කිරුළපන පැවති මහින්ද රාජපක්ෂගේ කුලී හේවායන්ගේ මැයි දින රැළිය නැරඹීමට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහෝදරයාට දැඩි ප‍්‍රහාරයක් එල්ල කිරීම ලංකා ගුරු සංගමය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකී. වාසුදේව නානයක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ වැනි වාමාංශික යයි කියා ගන්නා නායකයින් සමඟ විමල් වීරවංශ වැනි වර්ගවාදීන් විසින් මහින්ද රාජපක්ෂ බල ගැන්වීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස පැවති මෙම මැයි රැළිය නැරඹීමට ගිය ආචාර්ය නිර්මාල් රංජිත්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂගේ කුලී හේවායන් ඔහුගේ පාලන සමයේ පැවති ප‍්‍රචණ්ඩත්වය තවමත් අත් නොහැර ඇති බවයි.

ආචාර්ය දේවසිරි කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ප්‍රධානියා වන අතර කිසිදු බියක් හෝ චකිතයක් නැතුව තමන් විශ්වාස කරන මතය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.