නිලධාරීන්ට ජනපති ගෙන් සත්තමක්

President Maithripala Sirisenaසිය වගකීම් නිසි ලෙස ඉටු කළ නොහැකි සියලූ නිලධාරීන් තම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නියං තත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති බලපෑම පිළිබද අදාළ අංශ ප‍්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් විශාල පැමිණිලි ප‍්‍රමාණයක් ලැබෙන බවයි ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ. ඒ සඳහා අදාළ නිලධාරීන් වහාම පියවර ගත යුතු බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

. නියගයෙන් පීඩාවට පත් වූ ගොවීන්ට මසකට රුපියල් දස දහසක දීමනාවක් ගෙවීමට ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.