නිව්යෝර්ක් ටයිම්ස් රාජපක්ෂලා ගැන කියන්නේ බොරුද?

mahinda rajapakshaචීන සමාගමක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඇමරිකානු ඩොලර් මිලියන 07 කට අධික මුදලක් දී ඇති බවට ‘නිව්යෝක් ටයිම්ස්’ කල හෙළිදරව්වත් සමග රාජපක්ෂවරුන් පවසන්නේ මෙය මඩ ගහන වැඩක්වි බවයි. නිවැරදි කිරීමක් මගින් මේ බව එම පුවත්පතට අභියෝග නොකරන්නේ මන්ද යන ප්‍රශ්නය මතුවේ.

මැතිවරණය සඳහා චීන සමාගමකින් මුදල් ලබා ගත් බවට නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ ප්‍රවෘත්ති පළකර ඇත්තේ තම දේශපාලන එදිරිවාදීන් විසින් තමාට මඩ ගැසීමේ අරමුණෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ‘දිවයින’ පුවත්පතට පවසා ඇත. ඔහු විසින් කළ යුතුව තිබුනේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට ඊ-මේල් පණිවිඩයක් යැවීම පමණි.

රජය බලයට පත්වූ දා පටන් රාජපක්‌ෂ පවුලේ සාමාජිකයන්ට මඩ ගැසීම පමණක්‌ සිදුකරන බව පවසන හිටපු ජනාධිපතිවරයා, රටේ ජනතාව මේ බව හොඳින් දන්නා බවද කියා සිටියි. හොරු අල්ලනවා කියමින් බොරු කරන ආණ්ඩුවක් මෙවැනි පද ඇසීම අරුමයක්ර්ම නොවන නමුත් ඒ මුවාවෙන්

ගැලවී යාමට ඉඩ දිය යුතු බව පසු පෙළ මන්ත්‍රීවරු පෙන්වා දෙති.

”ආණ්‌ඩුවේ ලොකු උදවිය වගේම හාල්මැස්‌සෝ වගේ උදවියත් දැන් අපිට අභියෝග කරනවා. ඔය සෑම අභියෝගයකටම මැතිවරණයකදී මේ රටේ ජනතාව නිසි ආකාරයටම පිළිතුරු දේවි.” යැයි රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පවසන්නේ පසු පෙළින් නැගෙන විරෝධය පිළිබඳවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.